Showing posts with label intgossip. Show all posts
Showing posts with label intgossip. Show all posts

ශ්‍ර‍ද්ධා කපූර්ගේ පැය 72 ගේම

බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපූර් මේ දිනවල ගෙවන්නේ ඉතාම කාර්යබහුල කාල පරිච්ඡේදයක්. මේ දිනවල රූගත කිරීම් කෙරෙන චිත්‍රපට දෙකකුත්, වෙළඳ ප්‍රචාරක කටයුතුත් නිසා ඇය පැය 72 ක් එක දිගටම කාර්යයේ නියුතු වූ බවකුයි කියවෙන්නේ.

ඇයගේ මීළඟ චිත්‍රපටය වන 'බාගී' සඳහා රැයක් පුරා බැංකොක් හි රූගත කිරීම් වල නිරත වූ ශ්‍රද්ධා හදිසියේම මුම්බායි ඇවිදින් තියෙන්නේ ප්‍රචාරක කටයුතු සඳහායි. රැස්වීම් දෙකකට සහභාගී වූ ඈ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා නැවත බැංකොක් ගොස් තිබෙනවා.

චිත්‍රපටයේ වැඩත්, ප්‍රචාරක වැඩකටයුතුත් යන දෙකින් එකකටවත් පාඩුවක් සිදු කිරීමට ශ්‍රද්ධා අකමැති බවයි ඇගේ නියෝජිතයෙක් පවසා ඇත්තේ. මේ දිනවල ශ්‍රද්ධා රූගත කිරීම් වල නියුතු අනෙක් චිත්‍රපටය තමයි, 'රොක් ඔන් 2'.

දෙවැනි වටය මිහිරි වේවි

ලේඩි ගාගා, ඇමෙරිකාවෙන් බිහිවූ ජනප්‍රිය ගායිකාවක්. ඇය ගීත රචිකාවියක් හැටියටත් ප්‍රසිද්ධයි. ඇයගේ සැබෑ නම, ස්ටෙෆනි ජොඈන් ඇන්ජලිනා ජර්මැනෝයි. ඒසේ වුවත් සංගීත ලෝකයේදී ලේඩි ගාගා වූ මේ රුවැත්තිය ළඟදීම විවාහ වන්නට ලක ලැහැස්ති වන බවට උණුසුම් පුවතක් හොලිවුඩ් මාධ්‍ය හෙළිකර තිබුණා. ඇගේ අත ගන්නේ හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ටේලර් කොනියි.
ලේඩි ගාගාට ටේලර් ව මුල් වරට මුණ ගැසුණේ 2011 දීයි. ඒ, ඇයගේ ගීතමය වීඩියෝ එකතුවක රූගත කිරීම් සිදු කරද්දීයි. ‘යූ ඇන්ඩ් අයි’ නම් වූ මේ ගීත එකතුවෙහි ටේලර් කෙනී රංගනයෙන් එක්වී සිටියා. මේ ගීත එකතුව රූගත කිරීම් නිමාවට පත්වුණේ දෙදෙනා පෙම්වතුන් වීමෙන්. ඒත් මේ ප්‍රේම කතාව ගලා ගියේ මාස කීපයකටයි. 2012 මැයි මාසයේදී දෙදෙනා වෙන්වුණා. එයින් වසර 2 ක් ගත වනතුරු ලේඩි ගාගා සහ ටේලර් මුණ ගැසුණේ නැහැ.

නැවතත් මේ දෙදෙනා එක්වුණේ පසුගිය වසරේ දීයි. ඒ එක්වීමෙන් පසු, ‘කිව් ඇන්ඩ් ඒ’ නම්වූ රූපවාහිනී වැඩ සටහනට සහභාගි වූ ලේඩි ගාගා ප්‍රකාශ කළේ තමන්, ටේලර් කෙනි සමඟ ළඟදීම විවාහ වන බවයි. නුදුරු දිනයකදීම විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වෙන බව මින් පසුව සමහර මාධ්‍ය සඳහන් කර තිබුණා. මේ වන විටත් ටේලර් තම අනාගත බිරිය ලේඩි ගාගාට අගනා දියමන්ති මුදුවක් මිලදී ගෙන ඇතැයි පැවසෙනවා.

මේ නිසා පළමු වටයේ ප්‍රේම කතාවට වඩා දෙවැනි වටය වඩාත් සුන්දර වී දෙදෙනාගේ ජීවිත බැබළෙන බවත් සැකයක් නැහැ.



එලොව ගිහින් මෙලොව ආ හැටි....

ෂෙරන් ස්ටෝන් මීට දශක දෙකකට පමණ පෙර හොලිවුඩ් සිනමා‍ ලොවේ ගිනි සිළුවක් වී සිටියා‍. ඇගේ ආන්දෝලනාත්මක රංගන‍ සිනමා විචාරකයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වූවා‍. අනුරාගයේ සංකේතයක් ලෙස හැඳින්වූ ෂෙරන්, මේ වන විට 56 වැනි වියෙහි පසුවෙනවා.

මීට වසර 13 කට එපිටදී ඇය බරපතළ ලෙස රෝගාතුර වුණා. මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා තමන් අංශ බාග රෝගියෙකු බවට පත්වී සිටියා යැයි ඇය මෑතකදී මුල් ම වතාවට හෙළි කළා. ඒ අභාග්‍ය සම්පන්න කාලය ඇගේ ම වචනවලින්....

“ඒක මහා වේදනාකාරී අත්දැකීමක්... 2001 දීයි මට ඔය අසනීපය හැදුණේ. ඒ වෙලාවේ මාව ගෙදරදී ඇදගෙන වැටුණා. රෝහලට ඇතුළත් කළායින් පස්සෙ, දවස් 9 ක් ම දැඩි සත්කාර ඒකකයේයි, මම හිටියේ. ජීවිතය ගැන විශ්වාසයක් තියා‍ගන්න බැරි තත්ත්වයකයි මම ඉඳලා තියෙන්නෙ. රෝහලෙන් ආවට පස්සෙ අවුරුදු 2 ක් විතර ගතවෙන තුරු මට හරියට කතා කරන්නවත්, ඇවිදින්නවත්, පොතක් පතක් කියව ගන්නවත් බැරිවයි හිටියේ. ඒ අවුරුදු දෙකේදීම මම ඇවිදින්නයි, කතා කරන්නයි, පොත්පත් කියවන්නයි ඉගෙන ගත්තා.‍‍”

ෂෙරන් දැන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් කල් ගෙවනවා. ඇය වෙතින් තවමත් එදා තිබුණු සුන්දරත්වය ගිලිහී ගොස් නැහැ. ඒ නිසා ම ඇය රංගනයෙන් සමුගෙනත් නැහැ. මේ වසර අගදී විකාශය වීමට නියමිත ‘ඒජන්ට් x’ නම් වූ ටෙලිනාට්‍ය මාලාවෙන් ඇය නැවතත් රසික පිරිස හමුවෙනවා. එම ටෙලිනාට්‍ය මාලාවේ ඇය නි‍රූපණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරියගේ චරිතයයි.














වැටුණත් නොනැවතුණු අධිෂ්ඨානය

උනන්දුව, උත්සාහය මෙන්ම අධිෂ්ඨානයක් තිබේ නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් යන කියමන සනාථ කිරීමේ අවස්ථාවක් පසුගියදා ටෙක්සාස්හි පැවැති කාන්තා මැරතන් තරගයක් අතරතුරදී එහි රැස්ව සිටි සියලු දෙනාටම දැක ගැනීමට හැකියාව ලැබුණා. 
කාන්තා මැරතන් තරගය නියෝජනය කළ 29 හැවිරිදි කෙන්යානු ජාතික තරගකාරියක් ජයග්‍රහණයට මීටර් 50ක් පමණ තිබියදී බිම ඇදවැටුණි. එහෙත් බිම ඇද වැටීමෙන් පසු හෝ පරාජය භාර නොගත් ඇය දණ ගාගෙන ගොස් තරගය අවසන් කළ අකාරය ඉතාමත් සංවේදී විය.

ඇය ඇද වැටීමෙන් පසු ඇයට රෝද පුටුව ක් ලබා දුන්න ද එය ප්‍රතික්ෂේප කළ ඇය දැඩි අධිෂ්ඨානයකින් යුතුව තුන්වැන්නිය ලෙස තරගය අවසන් කළා ය. ඇය බිම ඇද වැටීමට පෙර තරගයේ පළමුවැනියා ලෙස ඉදිරියෙන් සිටියේය. එහෙත් ඇය ඇද වැටීම හේතුවෙන් තරගයේ තුන් වැනියා බවට පත්විය. එසේම ඇයට ලබාදුන් ත්‍යාග මුදලද දෙගුණ කර තිබෙනවා. 

නයගර ඇල්ල හිමෙන් වැසී යයි

ලොව පුරා සංචාරකයන්ගේ ඇස් පිනවන නයගරා ඇල්ල මේ දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් හිමිවෙන් වැසී ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. මෙලෙස උෂ්ණත්වය පහළ යාම හේතුවෙන් නයගරාහි යෝධ අයිස් තහඩු නිර්මාණය වී ඇති බවත් ඒවා ඉතාමත් දර්ශනීය දසුන් බවයි එහි පැමිණෙන සංචාරකයන් පවසන්නේ. එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෘණ අගයක පවතින බවයි වාර්තා වන්නේ. හිමෙන් වැසුණු නයගරාහි ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 















සෙලීනාගේ උඩු නිරුවත් සඟරා කවරය

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන සෙලීනාට බොහෝ ක්ෂේත්‍ර තුළ විශාල ඉල්ලුමක් තිබේ. එයට හේතුව වන්නේ ඇගේ තාරුණ්‍යය හා ඇයට ඇති රූසපුව හේතුවෙනි. කෙසේ නමුත් ඇය 'V' සඟරාවේ මෙවර මුල් කවරයේ ඡායාරූප සඳහා උඩුකය නිරුවතින් දායක වී ඇත. මෙම ඡායාරූප අන්තර්ජාලයේ පළවීමත් සමග ඇයට ට්විටර් රසික අප්‍රසාදය හිමිව තිබෙන බව වාර්තා වේ 








ඇමෙරිකානු ප්‍රාන්තයකදී ඇගට හිර ඇඳුම් ඇදීම තහනම් කරමින් පනතක්

සිරුරේ අග පසග කැපී පෙනෙන ඇඳුම් ඇඳීම වැළැක්වීම සඳහා ඇමරිකාවේ මොන්ටානා ප‍්‍රාන්තය තුළ පණත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය අගෝස්තු මසදී නිරුවත් පාපැදි ධාවනයක් දුටු පසුව රිපබ්ලිකන් පක්‍ෂ සභික ඬේවිඞ් මුවර් විසින් මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි පැවසේ.

මොන්ටානා ප‍්‍රාන්තයේ පවතින නීතිය අනුව යම් කිසි පුද්ගලයකු අපචාරය, අවඥාව, පීඩාව හෝ නිගරු කිරීමේ අරමුණින් දැනුවත්ව හෝ අරමුණු සහගතව හෝ අනෙකෙකු ලිංගික හැගීම් උද්දීපනය හෝ සතුටු කිරීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ලිංගේන්ද්‍රියන් ප‍්‍රදර්ශනය කරන්නේ නම් එය අවිනීත විදහා පෑමක් ලෙස තහනම් කර තිබේ.

කෙසේවෙතත් මෙම නීති දැඩි කිරීමේ අරමුණින් මුවර් විසින් කෙටුම්පත් කර ඇති අංක 365 දරන පණත අනුව පුද්ගලයෙකු සිය පුද්ගලික අංග හෝ ප‍්‍රසිද්ධ ස්ථානවල ඒවා උද්දීපනය කර පෙන්වන ඇඳුම් ඇඳීම පවා තහනම් කිරිමට යෝජනා කර තිබේ.

විචාරකයින් පවසා ඇත්තේ මෙමගින් යෝගා කලිසම් පවා තහනම් කිරීමට සිදුවනු ඇති බවයි.

කාන්තාවන්ගේ සිරුර ආවරණය කරන ඉස්ලාමික ඇඳුම් විවේචනය කරන බටහිර දේශපාලඥයින් විසින් මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම හාස්‍යජනක බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත් ලේඛිකා ඇලෙක්සැන්ඩ‍්‍රා පෙටි‍්‍ර පවසා තිබේ.

මේ පණත් කෙටුම්පත පිළිබඳ සලකා බැලූ කොංග‍්‍රස් අධිකරණ කමිටුව විසින් එය නිෂ්ප‍්‍රභා කිරීමට ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.


ධර්මසේනගේ තීන්දුවෙන් ලෝක කුසලානය කැළඹෙයි!

පසුගියදා ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත තරගය අතරතුර සිදුවූ සුවිශේෂීම සිදුවීමක් වූයේ තරගයේ අවසන් පන්දුවට මුහුණදුන් එංගලන්ත කණ්ඩායමේ ජෙම්ස් ටේලර් ලකුණු 98 ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුණා යැයි විනිසුරුවරයා තීරණය කිරීමයි. එම අවස්තාව වනවිට එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තු අතහැර තිබුනත් ජෙම්ස් ටේලර් තමන්ගෙ මංගල ශතකය වාර්තා කිරීම අභියස සිටීම කැපී පෙනුන කරුණක් විය.

එම අවස්ථාවේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ අලීම් ඩාර් එය දැවී යෑමක් ලෙස සටහන් කළත් ජෙම්ස් ටේලර් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් තෙවැනි විනිසුරුට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට තිබුණි. නමුත් ප්‍රධාන විනිසුරු දැවී යෑම සටහන් කළත් ඒ අතර කාලය තුළ පිතිකරුවන් දෙදෙනා ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට උත්සාහයක නිරත වුණු අතර එහිදී අනෙක් අන්තයේ සිටි ජිමි ඇන්ඩර්සන් දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් සමත් වන අතර එය දුවද්දී දැවී යෑම දැවී යෑමක් ලෙස එවෙලේ දෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන තීරණය ලබාදී තිබුණි. 

කෙසේ හෝ අවසන පන්දු රකින්නන් විසින් ඉල්ලීම කළ කඩුල්ල මුවා කිරීමේ දැවී යෑම නිෂ්ප්‍රභ වන අතර අනතුරුව එම පන්දුවටම හසුකරගත් දුවද්දී දැවී යාමේ තීන්දුව ලබාදෙනු ලැබුවේ කුමාර් ධර්මසේන විසිනි. තරගය අවසන් වූවායින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම දුවද්දී දැවී යෑම නීති විරෝධී දැවීයෑමක් බවත් ඒ වැරැද්ද විනිසුරුවරුන් භාරගත යුතු බවත්ය.කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවී විනිසුරු විසින් තීරණය ලබාදීමෙන් අනතුරුව පන්දුව අජීවී වන බවත් අනතුරුව එවැනි දවා ගැනීමකට හසුකරගැනීමට නොහැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

මෙම තීරණයත් සමග විනිසුරු කුමාර් ධර්මසේනගේ ඉදිරි ලෝක කුසලාන වල විනිශ්චය කිරීමට යොදාගැනීම පිලිබඳ අවිනිශ්චිත තත්වයක් උදාවී ඇතිබව වාර්තා වේ. 







නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වෙනවාලූ

නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වන බව බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනී ජේනී හෙජ් පවසයි. ලන්ඩනයේ පිහිටා ඇති නිරුවත් යෝගා මධ්‍යස්ථානයක ව්‍යායාම සඳහා එක්වීමෙන් අනතුරුව ඇය මේ බව පවසා තිබේ.

ඇය පවසා ඇත්තේ මේ පිළිබඳ වාර්තා කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව මුලින්ම තමන් පසුතැවුණු බවයි. නන්නාඳුනන පුද්ගලයින් ඉදිරියේ ඇඳුම් උනා දැමීමට සිදුවීම ගැන පළමුව දැඩි භීතියක් දැනුනු බව ජේනී හෙජ් පවසා ඇත.

කෙසේ වෙතත් යෝගා මධ්‍යස්ථානය වෙත ගිය පසු මුලින්ම ශරීරය පිරිසිඳු කරගත් බවත් තැතිගැනීමෙන් වුවත් නිරුවතින් ව්‍යායාම්වල යෙදුණු බවත් ජේනී වාර්තා කර තිබේ. ඇය පවසා ඇත්තේ කිසිවෙකුත් අනෙකාගේ නිරුවත් සිරුර දෙස ගිජු දෑසින් නොබැලූ බවයි.
එහි සිටියවුන් බොහොමයක් මැදිවියේ පුද්ගලයන් බවත් සියල්ලන් සළු උනා දැමූ පසු ලිංගිකත්වය උද්දීපනය කරන්නේ නිරුවත මගින් නොව ඇඳුම් මගින් බව වැටහී ගිය බවත් ජේනී හෙජ් පවසා තිබේ.
ඇය සමග ව්‍යායාම වලට එක්වූවන් පවසා ඇත්තේ පොදුවේ නිරුවතින් ව්‍යායාම කිරීමෙන් මුලින් යම් පිබිදීමක් ඇතිවුවත් කල් යත්ම නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වීම සිදුනොවන්නක් බවයි.

කෙසේවෙතත් මෙම ව්‍යායාම මගින් තමන්ගේ සිරුර තමන්ට හඳුනාගැනීමට ලැබීමත් එය සමග ඒකාත්මික වීමට හැකියාව ලැබීමත් නිසා ලිංගික ජීවිතය සාධනීය වෙනසකට බඳුන් වනු ඇතැයි යෝගාචාර්ය ඇනට් මහත්මිය පැවසූ බව ජේනී සඳහන් කර තිබේ.

ජීවිත 3ක්‌ රැකදුන් ශ්‍රී ලාංකිකයාට ඔස්ට්‍රේලියාවෙන් සම්මාන

දැනට ඔස්‌ට්‍රේලියාවේ පෞද්ගලික ආයතනයක ඉහළ පෙළේ රැකියාවක්‌ කරන කන්තලේ ප්‍රදේශයේ ඡන්ම ලාභය ලද 37 හැවිරිදි එක්‌ දරු පියකු එම රටෙහි පුරවැසියන් තිදෙනකුගේ ජීවිත බේරා ගැනීම සඳහා තම රුධිරය දන්දීම වෙනුවෙන් ඔස්‌ට්‍රේලියානු රජය විසින් ඉහළම සම්මානය ලබාදුන් පුවත පසුගියදා එරට ඉහළින්ම අගය කර පුවත්පතක පළ කර තිබිණි.

මවුබිමට ගෞරවයක්‌, කීර්තියක්‌ ගෙනදුන් මෙම උදාර පුත්‍රයා කන්තලේ පරාක්‍රම මාවතේ උපත ලද එච්. ඒ. සුගත් ඉන්ද්‍රලාල් මහතාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික එච්. ඒ. සිරිසේන මහතා හා එච්. එම්. බණ්‌ඩාර මැණිකේ මහත්මිය ඔහුගේ මාපියෝ වෙති.

දරුවන් හයදෙනකුගෙන් යුත් පවුලේ බාලයා සුගත් ඉන්ද්‍රලාල් මූලික අධ්‍යාපනය ලබන්නේ කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලෙනි. එහිදී 5 ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්වූ ඔහු අධ්‍යාපනය සඳහා මහනුවර සිල්වෙස්‌ටර් විද්‍යාලයට ඇතුලත් වේ. සාර්ථකව අධ්‍යාපනකටයුතු නිමකළ ඔහු ඩයලොග් ආයතනයේ විධායක නිලධාරියෙකු ලෙස තම ජීවිකාව ඇරඹීය.

සාර්ථක යුග ජීවිතයක්‌ ගත කරමින් සිටි සුගත්ට ඔස්‌ට්‍රේලියාවේ සමාගමක ඉහළ පෙළේ රැකියාවක්‌ සඳහා යැමට වාසනාව පෑදෙන්නේ 2000 වසරේදීය. ඒ වන විට ඔහු එක්‌ දරු පියෙකි.

පසුගිය දිනෙක මෙම තරුණ යුවළ මීට වසර 26 කට පෙර මියගිය සුගත්ගේ පියාගේ ගුණ සමරුම වෙනුවෙන් ඔස්‌ට්‍රේලියාවේදී ආගමික කටයුතුවල නිරත වෙමින් සිටියදී එරට රෝහලක අසාධ්‍යව සිටි රෝගීන් තිදෙනකු සඳහා රුධිරය අවශ්‍ය බවට තොරතුරු ලැබී ඇත. එම පුණ්‍ය කටයුත්තට උරදෙන්නට දෙවරක්‌ නොසිතාම සුගත් ඉදිරිපත්වී රුධිරය පරිත්‍යාග කිරීම මෙසේ ඔහු ඇගයීමට හේතුවී ඇත.

වාහන කොල්ලකරුවෙක් ලොස් ඇන්ජලීස් දෙවනත් කරයි [VIDEO]

මෝටර් රථයක් සොරාගෙන යමින් සිටි කොල්ලකරුවෙක් අමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. 

අදාළ කොල්ලකරු බේරීම සඳහා පළා යමින් සිටිය දී ඔහුගේ මෝටර් රථය රිය අනතුරු කිහිපයකට ම ලක් වන අතර පසුව වෙනත් මෝටර් රථයක් කොල්ල කා පළා යාමට සැරසෙයි.

අවසානයේ අමෙරිකානු පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා. 

සැකකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ. 

ලොස් ඇන්ජලීස් හී ජනාකීර්ණ මාර්ග පද්ධතියක් තුළ මෙම කොල්ලකරුවා ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම විශේෂයකි. 

මෙම සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න





සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න



Police chase gunman in car across LA


මරණින් පසු ඔබේ Facebook ගිණුම කාටද ? මෙන්න උත්තරේ !

Facebook කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි.  ඒ කියන්නේ Facebook ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි. තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි Facebook එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා.  ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ Share කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් Chat කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ Facebook ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට Facebook  සමාගම හිතලා තියෙනවා. 


ඔවුන් හඳුන්වාදෙන්නට යන අලුත්ම විශේෂාංග තමයි Facebook ගිණුම් හිමියෙක් මියගියාට පස්සේ ඔහුගේ ගිණුමට වෙන දේ ගැන ඔහුට මියයන්නට ප්‍රථමයෙන් තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන එක.

ඒ අනුව තමන්ගේ ගිණුම මරණයෙන් පසුව වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. නමුත් පවරන පුද්ගලයාට එම ගිණුමේ භාවිතා කල හැකිවන්නේ සීමා සහිතවයි. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික පණිවුඩ ඔහුට නැරඹීමේ හැකියාව නොමැති අතර Profile Pictures, Cover Photos වෙනස් කිරීමේ හැකියාව ඔහුට පවතිනවා. 

ඒ වගේම අවශ්‍යනම් මරණයෙන් පසුව තමන්ගේ ගිණුම අක්‍රීය කිරීමේ හැකියාවද මෙහිදී ඇතුලත් වෙනවා. නමුත් එය අක්‍රීය කිරීමට නම් ඔහු මියගිය බවට ෆේස්බුක් වෙත වෙනත් අයෙක් විසින් දැන්විය යුතු වෙනවා.  ඒ වගේම තමන්ගේ Facebok wall එක වෙනත් අයට එහි පණිවුඩ පලකල නොහැකි ලෙස සකසා ඇත්නම් මරණින් පසුව එය Unlock කර ඔහුගේ මරණය වෙනුවෙන් එහි ශෝකය පළකිරීමේ හැකියාවද මෙම නව විශේෂාංගය මඟින් හඳුන්වාදීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.