ශ්‍ර‍ද්ධා කපූර්ගේ පැය 72 ගේම

බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපූර් මේ දිනවල ගෙවන්නේ ඉතාම කාර්යබහුල කාල පරිච්ඡේදයක්. මේ දිනවල රූගත කිරීම් කෙරෙන චිත්‍රපට දෙකකුත්, වෙළඳ ප්‍රචාරක කටයුතුත් නිසා ඇය පැය 72 ක් එක දිගටම කාර්යයේ නියුතු වූ බවකුයි කියවෙන්නේ.

ඇයගේ මීළඟ චිත්‍රපටය වන 'බාගී' සඳහා රැයක් පුරා බැංකොක් හි රූගත කිරීම් වල නිරත වූ ශ්‍රද්ධා හදිසියේම මුම්බායි ඇවිදින් තියෙන්නේ ප්‍රචාරක කටයුතු සඳහායි. රැස්වීම් දෙකකට සහභාගී වූ ඈ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා නැවත බැංකොක් ගොස් තිබෙනවා.

චිත්‍රපටයේ වැඩත්, ප්‍රචාරක වැඩකටයුතුත් යන දෙකින් එකකටවත් පාඩුවක් සිදු කිරීමට ශ්‍රද්ධා අකමැති බවයි ඇගේ නියෝජිතයෙක් පවසා ඇත්තේ. මේ දිනවල ශ්‍රද්ධා රූගත කිරීම් වල නියුතු අනෙක් චිත්‍රපටය තමයි, 'රොක් ඔන් 2'.

Share this