වැටුණත් නොනැවතුණු අධිෂ්ඨානය

උනන්දුව, උත්සාහය මෙන්ම අධිෂ්ඨානයක් තිබේ නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් යන කියමන සනාථ කිරීමේ අවස්ථාවක් පසුගියදා ටෙක්සාස්හි පැවැති කාන්තා මැරතන් තරගයක් අතරතුරදී එහි රැස්ව සිටි සියලු දෙනාටම දැක ගැනීමට හැකියාව ලැබුණා. 
කාන්තා මැරතන් තරගය නියෝජනය කළ 29 හැවිරිදි කෙන්යානු ජාතික තරගකාරියක් ජයග්‍රහණයට මීටර් 50ක් පමණ තිබියදී බිම ඇදවැටුණි. එහෙත් බිම ඇද වැටීමෙන් පසු හෝ පරාජය භාර නොගත් ඇය දණ ගාගෙන ගොස් තරගය අවසන් කළ අකාරය ඉතාමත් සංවේදී විය.

ඇය ඇද වැටීමෙන් පසු ඇයට රෝද පුටුව ක් ලබා දුන්න ද එය ප්‍රතික්ෂේප කළ ඇය දැඩි අධිෂ්ඨානයකින් යුතුව තුන්වැන්නිය ලෙස තරගය අවසන් කළා ය. ඇය බිම ඇද වැටීමට පෙර තරගයේ පළමුවැනියා ලෙස ඉදිරියෙන් සිටියේය. එහෙත් ඇය ඇද වැටීම හේතුවෙන් තරගයේ තුන් වැනියා බවට පත්විය. එසේම ඇයට ලබාදුන් ත්‍යාග මුදලද දෙගුණ කර තිබෙනවා. 

Share this