නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වෙනවාලූ

නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වන බව බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනී ජේනී හෙජ් පවසයි. ලන්ඩනයේ පිහිටා ඇති නිරුවත් යෝගා මධ්‍යස්ථානයක ව්‍යායාම සඳහා එක්වීමෙන් අනතුරුව ඇය මේ බව පවසා තිබේ.

ඇය පවසා ඇත්තේ මේ පිළිබඳ වාර්තා කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව මුලින්ම තමන් පසුතැවුණු බවයි. නන්නාඳුනන පුද්ගලයින් ඉදිරියේ ඇඳුම් උනා දැමීමට සිදුවීම ගැන පළමුව දැඩි භීතියක් දැනුනු බව ජේනී හෙජ් පවසා ඇත.

කෙසේ වෙතත් යෝගා මධ්‍යස්ථානය වෙත ගිය පසු මුලින්ම ශරීරය පිරිසිඳු කරගත් බවත් තැතිගැනීමෙන් වුවත් නිරුවතින් ව්‍යායාම්වල යෙදුණු බවත් ජේනී වාර්තා කර තිබේ. ඇය පවසා ඇත්තේ කිසිවෙකුත් අනෙකාගේ නිරුවත් සිරුර දෙස ගිජු දෑසින් නොබැලූ බවයි.
එහි සිටියවුන් බොහොමයක් මැදිවියේ පුද්ගලයන් බවත් සියල්ලන් සළු උනා දැමූ පසු ලිංගිකත්වය උද්දීපනය කරන්නේ නිරුවත මගින් නොව ඇඳුම් මගින් බව වැටහී ගිය බවත් ජේනී හෙජ් පවසා තිබේ.
ඇය සමග ව්‍යායාම වලට එක්වූවන් පවසා ඇත්තේ පොදුවේ නිරුවතින් ව්‍යායාම කිරීමෙන් මුලින් යම් පිබිදීමක් ඇතිවුවත් කල් යත්ම නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වීම සිදුනොවන්නක් බවයි.

කෙසේවෙතත් මෙම ව්‍යායාම මගින් තමන්ගේ සිරුර තමන්ට හඳුනාගැනීමට ලැබීමත් එය සමග ඒකාත්මික වීමට හැකියාව ලැබීමත් නිසා ලිංගික ජීවිතය සාධනීය වෙනසකට බඳුන් වනු ඇතැයි යෝගාචාර්ය ඇනට් මහත්මිය පැවසූ බව ජේනී සඳහන් කර තිබේ.

Share this