එජාපයෙන් පැන්න උපේක්ෂාටත් චෝදනා!

"චෝදනාවක් එල්ල කරන්න තරම් මම අසංවර වෙලා නැහැ...." 

පසුගිය කාලයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් සන්ධානයට එක්වුණු අය අතරින් නිළියක මෙන්ම මන්ත්‍රීනියක ද වන 'උපේක්ෂා ස්වර්ණමාලී' ද සිටිනවා. එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත් සමඟින්, එජාපයෙන් සන්ධානයට ගිය අයට දැන් තමන් ගත්තු තීරණය ගැන කණගාටුවකුත් ඇති. ඊටත් වඩා එජාප පාක්ෂිකයන්ගේ වටිනා ඡන්දයෙන් ජයග්‍රහණය කර සන්ධානයට එක් වූ අයට දැන් දැන් චෝදනා ගලාගෙන එන්නත් පටන් අරන්ලු... ඒ වගේ සිදුවීම්වලට දැන් උපේක්ෂාටත් මුහුණ දෙන්න සිදුවෙලා. ඒ ගැන කළ විමසිමකදී උපේක්ෂා පැවසුවේ මෙවැන්නක්.

"යූ. එන්. පී එකේ හිටියානම් ප්‍රසාදය දිනාගන්න තිබුණා. මන්ත්‍රිවරියක් විදියට මට එල්ල වුණු එකම චෝදනවත් ඔච්චරයි. පක්ෂය දාලා ආණ්ඩුවට එකතු වුණා කියන එක. මට කොමිස් ගැහුවා. අල්ලස් ගත්තා, අවිනීතව හැසිරුණා කියලා මගේ චෝදනා නැහැ.... නමුත් මට ආයෙමත් එක්සත් ජාතික පක්ෂයට එකතුවෙන්න නම් අදහසක් නෑ.... දේශපාලනයේදී දෙන පොරොන්දු කොයිතරම් යථාර්ථයක් වෙනවාද කියලා අපි අත්දැකීමෙන් දන්නවා.

මෛත්‍රි ජනාධිපතිතුමා දිවුරුම් දීපු හැටි, අමාත්‍ය මණ්ඩලය පත් කරපු හැටි, මේ හැම දෙයක්ම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක ගැන විශාල පැහැදීමක් තියෙනවා. ඇත්තටම පුදුමයි එකපාරටම ආණ්ඩුවේ දැවැන්ත චරිත ඒ පැත්තට ගියා.

මේ කවුරු හිටියත් ඡන්ද කාලේ දීපු පොරොන්දු සමහර දේවල් මෛත්‍රි ජනාධිපතිතුමන් වෙනස් කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ. එකෙ වරදක් නෙමෙයි මම දකින්නේ. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කණ්ඩායම, ජේ.වී.පී එක දින 100ය දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. හරි දේ කරනවා නම් ඒ පාර්ශවයට කවදත් මම සහයෝගය දෙනවා. පක්ෂය මාරු කරන්න නම් තවම මට අදහසක් නෑ..." කියා අවසන් වතාව උපේකෂා කියා සිටියා.

Share this