අගමැතිකමක් ගන්න සජිත් ආණ්ඩුවට? වීඩියෝ සහිතයි

"ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ ලොකුම විහිලුව තමයි මේක...."

මේ වනවිට දේශපාලන කරළිය තුළින් නිරන්තරයෙන්ම දේශපාලකයින් පිලි මාරු කරමින් එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් පනින අයුරු දකින්නට තිබෙනවා. ඔය සෑම දෙයක්ම අතරේ මේ වනවිට එජාපයේ සිටින දැවැන්තයෙක් දෙස කාගේත් අවධානය යොමු වෙලා. ඒ වෙන කවුරුත් නොව සජිත් ප්‍රේමදාසයි. නමුත් බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ මෙවැන්නක්.

"ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ ලොකුම විහිලුව තමයි මම අගමැතිකම ගැනීම සදහා ආණ්ඩුවට එක්වෙන බව ප්‍රකාශ කිරීම... පක්ෂය වෙනුවෙන් දිවිදුන් මගේ පියාගේ ආත්මය කැපකර මම ආණ්ඩුවට එක් වෙන්නේ නැහැ...

මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවල දැන් අලුත්ම තුරුම්පුව මොකක්ද...? අලුත්ම තුරුම්පුව තමයි සජිත් ප්‍රේමදාස යනවලු ඇගමැතිකරම ගන්න ආණ්ඩුවට. මේක තමයි මේ සියවසේ ලොකුම විහිලුව. ඒ නින්දිත ප්‍රචාරය අද එස්.එම්.එස්. හරහා, ෆේස් බුක් හරහා, ටීවිටර් හරහා අන්තර්ජාලය හරහා රට පුරාවටම යවනවා.

මම එකක් කියන්න කැමැතියි, රට පරිහානියට ලක්කරන මේ වර්තමාන රජයෙන් කප්පිත්තන්ට මොහොතකට හිතෙනවද පක්ෂය වෙනුවෙන් දිවිපිදූ තාත්තගේ ආත්මය පාවාදීලා මේ සජිත් පුතා එජාපය දමලා යයි කියලා?" යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.... 


Share this