පැහැර ගැනුණු සා.පෙළ සිසුවිය සිටින ස්ථානය සොයාගැනේ

සාමාන්‍ය පෙළ විභාගයේ චිත‍්‍ර විෂයට පෙනී සිට ආපසු පැමිණෙමින් සිටියදී පෙරේදා (15) පැහැර ගැණුනු බව කියන පාසල් සිසුවිය මේ වනවිට සිටින ස්ථානය පිළිබද පොලිස් විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

පොලිසීය පැවසුවේ පැහැර ගැනීමක් සිදුවී නොමැති බවද මෙම සිසුවිය සිය කැමැත්තෙන්ම පෙම්වතා සමග පලා ගොස් ඇතැයිද විමර්ශනවලින් අනාවරණ වූ බවයි.

පෙම්වතා බව කියන තරුණයා හේරැස්ගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හදුනාගෙන තිබෙනවා. කැටුව ගිය පාසල් සිසුවිය සමග අද (17) දිනය ඇතුළත මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණෙන්නැයි ඔහුට දැනුම් දී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

යම් හෙයකින් ඔවුන් ඊට අවනත නොවුනහොත් මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පැවසුවා. අදාළ පොලිස් විමර්ශන ආරම්භ වූයේ පැහැර ගැණුනු බව කියන පාසල් සිසුවියගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුවයි.

තී‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් සිය දියණිය ඊට නංවාගෙන පලාගොස් ඇතැයි තමාට තොරතුරු ලැබුණු බවද මවගේ පැමිණිල්ලේ සදහන් වුණා. 

Share this