Showing posts with label Bollywood. Show all posts
Showing posts with label Bollywood. Show all posts

Preeti Zinta at the widest victory and defeat for deputies

ජය පරාජය විඳගැනීමට ප්‍රීටි ට බැරිලු

මේ දිනවල පැවැත්වෙන ‘ඉන්ඩියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරග මාලාවට ‘කිංස් ඉලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් පිල ද ක්‍රීඩා කරනවා. මේ ක්‍රිකට් පිලෙහි සම අයිතිකාරියක් තමයි, සුරූපී නිළි ප්‍රීටි සින්ටා. තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු හයේ පහරක් එල්ල කරද්දී ක්‍රීඩා මණ්ඩපයේ සිට ඔල්වරසන් දෙන ප්‍රීටි, යම් ක්‍රීඩකයකු දැවී ගියහොත් දැඩි ලෙස කම්පනයට පත්වෙනවා. මෙය හොඳින් දැක ඇති සමහරු පවසන්නේ ජය පරාජය විඳ ගැනීමේ සමබර සිතක් ඇයට නැති බවයි.

මේ අසමබර ගතිය නිසාදෝ ඇය, පසුගියදා පැවැති අයි. පී. එල්. තරග මාලාවේදී තමන්ගේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවාට දැඩි ලෙස දොස් පවරා තිබෙනවා. කිංස් ලෙවන් පන්ජාබ් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල් දෙක අතර පැවැති තරගයෙන් කිංස් ලෙවන් පන්ජාබ් පිල පරාජය වූ විට එම කණ්ඩායමේ පුහුණුකරු වන සන්ජේ බන්ගාර්ට තදබල දෝෂාරෝපණයක් ප්‍රීටිගෙන් එල්ල වී තිබෙනවා. ඇතැම් ඉන්දීය මාධ්‍ය පැවසුවේ ප්‍රීටි, ඔහුට පරුෂ වචනයක් ද කියා ඇති බවයි. මේ ආරංචිය මාධ්‍යවල ‘රසවත්’ පුවතක් වෙද්දී වහාම තම මුහුණු පොතෙන් ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රීටි සඳහන් කළේ මෙවැනි කටකතා නිර්මාණය කරන්නේ ඇතැම් මාධ්‍යවේදීන් බවයි.

“මම කොතනදිවත් පරුෂ වචන කීවෙ නැහැ. මම ඒ වෙලාවෙ වීරුයි සන්ජේයි එක්ක තත්පර 20 ක වගේ මො‍හොතක් කතා කළා. ඊට පස්සෙ මම, එතන හිටපු විරාට් කෝලිට සුබ පැතුවා. ෂේන් වොට්සන් එක්කත් ටිකක් කතා කරලා මගේ සැමියාත් එක්ක ක්‍රීඩා පිටියෙන් එළියට ඇවිත් කාර් එකේ නැගලා යන්න ගියා. සමහරු කියල තිබුණා මම ක්‍රිකට් ගැන දන්නෙ නෑ කියලා. පහුගිය අවුරුදු 9 පුරාම මම ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ගනුදෙනු කරල තියෙනවා...” ප්‍රීටි මුහුණු පොතේ ඒ සටහන තැබුවා.

Aishwarya Rai lunches with French President

ප්‍රංශ ජනපති සමඟ දිවා භෝජන සංග්‍රහයකයකට ඓශ්වර්යා ගිය හැටි

67 වැනි ඉන්දීය ජාතික දින සැමරුම පසුගිය දා උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙම උලෙළේ විශේෂ ආරාධිතයා වූයේ ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලන්දේයි. ඔහු වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙම වුණත්, ප්‍රංශ ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වන ලද විශේෂ භෝජන සංග්‍රහයට ඇරයුම් ලබන්නට තරම් බොලිවුඩ්පුරයේ දීප්තිමත් තරුවක් වාසනාවන්ත වුණා. ඒ, ඓශ්වර්යා රායි.

හිටපු ලෝක රූ රැජනට මේ ඇරයුම කළේ ඉන්දියාවේ ප්‍රංශ තානාපති ෆ්‍රැන්කොයිස් රිචර්. ඇරයුමට අනුව ඓශ්වර්යාට ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්වන්නට අවස්ථාව උදාවුණා. මේ ඇරයුම ලද එකම බොලිවුඩ් සිනමා තාරකාව ඓශ්වර්යා පමණයි.

බොලිවුඩ් සිනමාවේ වෙනත් කිසිවකුට හෝ ඒ සඳහා ඇරයුමක් ලැබී තිබුණේ නැහැ. භෝජන සංග්‍රහයට එක්ව සිටියේ ද ඉතා සුළු පිරිසක්. ඒ සුළු පිරිසට ඓශ්වර්යා ද ඇතුළත්වීම විශේෂත්වයක්.

ඇය මේ දිනවල සිදු කෙරෙන චිත්‍රපට රූගත කිරීම් කටයුතුවලින් පැය කිහිපයකට ඉවත් වී මේ සංග්‍රහයට එක්වූ බවත් ආරංචි වනවා. භෝජන සංග්‍රහයට පැමිණි ඓශ්වර්යා ඇමතූ ප්‍රංශ ජනාධිපතිවරයා, තමන් සමඟ එකම මේසයේ දිවා භෝජනය ගැනීමට එක්වන ලෙස ද ඇයට ඇරයුම් කළා. 






රාණි මුඛර්ජි සහ ආදිත්‍ය චොප්රාගේ දියණියට දසදෙසින් සුබ පැතුම්

ආදිත්‍ය - රාණි කතන්දරය පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා සහ ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි අතර හාදකමක් පවතින බවට එවක ආරංචි පැතිර ගියේ මුළු බොලිවුඩ්පුරයම කළඹවමින්. මේ පුවත ආන්දෝලනාත්මක එකක් වුණේ ඒ වන විට ආදිත්‍ය චොප්රා විවාහකයෙකු වී සිටිය නිසයි. රාණි මුඛර්ජි නම් වූ රුවැති යුවතියට ඔහු පෙම් කළා. එය මතභේදයට තුඩු දුන් ආදරයක් වුණා. කෙසේ වෙතත් ආදිත්‍ය 2009 දී තම නිත්‍යනුකූල බිරියගෙන් වෙන්වී රාණිව විවාහ කර ගන්නට තීරණය කළා.

ඔවුන් දෙදෙනා විවාහ වුණේ පසුගිය වසරේදීයි. 2014 අප්‍රේල් මාසයේ එක්තරා දවසක ඉතාලියේදී සිදු කෙරුණු මේ විවාහයට සහභාගි වුණේ සමීප හිතවතුන්, හිතවතියන් කිහිප දෙනකු පමණයි. විවාහයෙන් වසරකුත් මාස අටක් ගතවෙද්දී ආදිත්‍ය - රාණි යුවළ දෙමවුපියන් බවට පත්වෙලා. පසුගිය 8 දා රාණි මවු පදවිය ලැබුවා. ඇයට ලැබුණේ දියණියක්. ඉන්දියාවේ බ්‍රීච් කැන්ඩි නම් වූ පෞද්ගලික රෝහලේදී තිස්හත් වියැති රාණිට ලැබුණු මේ බිලිඳියගේ නම, අදිරා. ආදිත්‍ය යන නමෙහි 'අදි' සහ රාණි යන නමෙහි 'රා' යන ශබ්ද එකතු කර අදිරා යනුවෙන් නම් ලද මේ බිලිඳු දියණිය, දෙවියන්ගෙන් ලද උතුම් තිළිණයක් බවයි රාණි පැවසුවේ.

පහුගිය දවස් ගණනක් තිස්සේ මා වෙනුවෙන් මගේ රසික රසිකාවියන් හිතවතුන්, හිතවතියන් ආශිර්වාද කළා. අද මට දෙවියන්ගෙන් මේ දියණිය ලැබුණා. මට දෙවි පිහිට පැතූ සුබ පැතූ හැම දෙනකුටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැන් අපි, අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් පටන්ගත්තා. මවු පදවිය ලද රාණි මාධ්‍යයන් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

යාෂ් රාජ් චිත්‍රපට සමාගමේ ප්‍රධානියා වන හතළිස් හතර වියැති ආදිත්‍ය චොප්රා තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබුවේ මේ අයුරින්...

රාණි මුඛර්ජි සහ ආදිත්‍ය චොප්රා 'අදිරා' දියණියගේ සාඩම්බර දෙමවුපියන් බවට පත්වුණා.

ආදිත්‍ය සහ රාණි මවුපිය පදවිය ලද මොහොතේ මුලින්ම සුබ පැතුවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්, ජනප්‍රිය නළු නිළි දෙපළක් වන අයුස්මාන් ඛුරානා සහ පරිනීති චොප්රායි. ඉන් පසුව බොලිවුඩ්පුරයේ කලාකරුවන්, කලාකාරියන්ගේ සුබ පැතුම් ප්‍රවාහයක්ම ගලා ආ බවයි, ආරංචිවල සටහන් වුණේ.

පි‍්‍රයංකා චෝප්රාගේ උණුසුම් හාදුව අන්තර්ජාලයට - වීඩියෝ සහිතයි

ඇමරිකාවේ විකාශය වන ‘Quantico’ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන බොලිවුඩයේ රූප සුන්දරියක වන ප‍්‍රියංකා චෝප්රා ඒ කතා මාලාවේ පසුගියදා විකාශය කෙරුණු කොටසක ප‍්‍රියංකා එහි සහයක නළුවෙක් වෙන ජේක් සමග උණුසුම් සිප ගැනීමේ දර්ශනයක් ඇතුලත් උනා. බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇති එම දර්ශන පෙල මේ වන විට ඉන්දියාවද උණුසුම් කරමින් පැතිර යනවා. එම දර්ශන පහතින්…


ජැකලින් පළමු ෆිල්ම් ෆෙයා සම්මානය දිනයි

සිය පළමු ෆිල්ම් ෆෙයා සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය නිළි ජැකලින් ෆර්නැන්ඩස් සමත්විය. පසුගිය 30 වනදා සවස මුම්බායිහි පැවැති Filmfare Glamour & Style සම්මාන රාත්‍රියේදී Emerging Face of Fashion සම්මානයෙන් ඇය පිඳුම් ලැබුවාය. ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ජැකලින් පවසන්නේ එම සම්මානය තමාගේ පළමු ෆිල්ම් ෆෙයා සම්මානය වන බවයි.

තමා ඉන්දියාවට පැමිණීමේදී කිසිවක් නොතිබූ බවත් තිබුණේ නිළියක් වීමේ සිහිනය පමණක් බවත් තමා පැමිණි ගමනේදී උදව් කළ සියලු දෙනාට මෙම සම්මානය හිමි බවත් ඇය සිය ෆෙස් බුක් ගණුමේ සටහනක් එක්කරමින් පවසයි.
මෙම සම්මාන රාත්‍රියේදී ශාරුක් ඛාන්, දීපිකා පදුකොන් ඇතුළු පිරිසක් සම්මානයට පාත්‍රවූහ.

සම්පූර්ණ සම්මාන ලැයිස්තුව

Most Glamorous Star (Male) – ශාරුක් ඛාන්
Most Glamorous Star (Female) – දීපිකා පදුකෝන්

Most Glamorous Film of the Year – දිල් ධඩක්නේ දෝ

Most Glamorous Director – කබීර් ඛාන්

Most Glamorous On-Screen couple -රන්වීර් සිං/ දීපිකා පදුකෝන්

Most Glamorous Real-Life Couple - අබිෂේක් බච්චන්/ අශ්වර්යා රායි

Most Stylish Star (Female) - සෝනම් කපූර්

Most Stylish Star (Male) –රන්වීර් සිං

Emerging Face of Fashion (Female) – ජැකලින් ෆර්නැන්ඩස්

Emerging Face of Fashion (Male) –වරුන් ධවාන්
Trendsetter of the Year – අලියා බාටි

Global Icon Of The Year (Male) - ශාරුක් ඛාන්

Global Icon Of The Year (Female) - අශ්වර්යා රායි

Timeless Glamour and Style Icon (Male) -අනිල් කපූර්

Timeless Glamour and Style Icon (Female) – රේඛා

Fashion Debut of the Year - ආතියා ශෙට්ටි
Absolut Elyx Style & Substance Award - සොනම් කපූර්

Fashion Reinvention Of The Year - සෝනාක්ෂි සිංහා











නූඩ්ල්ස් දැන්වීමක් අමිතාබ්, මධුරි සහ ප්‍රීටි උසාවි ගෙනයයි

බහුජාතික සමාගමක් මගින් නිෂ්පාදනය කරන සුප්‍රසිද්ධ නූඩ්ල්ස් වර්ගයක් වෙනුවෙන් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි බොලිවුඩ් සුපිරි තරු තුනකට එරෙහිව මිනිස් සිරුරට හිතකර නොවන ආහාරයක් පරිභෝජනය කිරීම සඳහා ජනතාව පෙළඹවීම යන චෝදනාව මත නඩුවක් ගොනු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමිතාබ් භච්චන්, මධුරි ඩික්සිත් සහ ප්‍රීටි සින්ටා යන නළු නිළියන්ට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇත්තේ අදාළ නූඩ්ල්ස් වර්ගයෙහි මිනිස් සිරුරට අහිතකර MSG ප්‍රතිශතය අධික ලෙස පවතින බවට රාවයක් ඉන්දියාව පුරා පැතිර යාමත් සමගය.

කෙසේ නමුත් එම නූඩ්ල්ස් වර්ගය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවට අදාළ සමාගම තමන්ට සහතික කර ඇති බවත් අදාළ නළු නිළියන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.