නිවසකට හොරෙන් පැන නිවසේ සිටි කාන්තාවකගේ මුහුණ සිපගන්නට හැදූ අයෙක්ව එම කාන්තාව විසින්ම අල්ලාගෙන කොස්සක් කැඩෙනතුරු පහර දී පොලිසියට භාරදුන් පුවතක් පිළිබඳව වැල්ලවාය මහවෙළමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඇයගේ පහරදීමෙන් පසුව ගම්වාසීන්ද එක්ව ඔහුව අල්ලාගෙන ඇති අතර ඔවුන්ගේද පහරකෑමට මොහු ලක්ව තිබෙනවා. පසුව ගම්වාසීන් පොලීසිය කැඳවා ඔහුව භාරදී ඇති අතර ප‍්‍රදේශයේ මීට පෙර සිදුවූ සොරකම් සම්බන්ධයෙන්ද මොහු සැකකරුවෙක් වෙන බවයි ගම්වාසීන් පවසන්නේ.
අදාල කාන්තාව දරුවන් සමග නිවසේ සිටින මොහොතක මොහු නිවසට හොරෙන් ඇතුල් වී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. පසුව නිදාසිටි කාන්තාවගේ මුහුණ සිපගන්නට තැත්කර තිබෙන අතර ඇය අවදිවී හොරාව අල්ලාගෙන තිබෙනවා. ඇය නිවසේ තිබූ කොස්ස ගෙන එය කැඩෙනතුරු මොහුට පහරදී ඇති අතර ඉන් පසුවයි ගම්වාසීන්ට කතාකර ඇත්තේ.
සැකකරු අල්ලාගත් අවස්ථාවේ වීඩියෝව පහතින්....