Aishwarya Rai lunches with French President

ප්‍රංශ ජනපති සමඟ දිවා භෝජන සංග්‍රහයකයකට ඓශ්වර්යා ගිය හැටි

67 වැනි ඉන්දීය ජාතික දින සැමරුම පසුගිය දා උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙම උලෙළේ විශේෂ ආරාධිතයා වූයේ ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලන්දේයි. ඔහු වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙම වුණත්, ප්‍රංශ ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වන ලද විශේෂ භෝජන සංග්‍රහයට ඇරයුම් ලබන්නට තරම් බොලිවුඩ්පුරයේ දීප්තිමත් තරුවක් වාසනාවන්ත වුණා. ඒ, ඓශ්වර්යා රායි.

හිටපු ලෝක රූ රැජනට මේ ඇරයුම කළේ ඉන්දියාවේ ප්‍රංශ තානාපති ෆ්‍රැන්කොයිස් රිචර්. ඇරයුමට අනුව ඓශ්වර්යාට ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්වන්නට අවස්ථාව උදාවුණා. මේ ඇරයුම ලද එකම බොලිවුඩ් සිනමා තාරකාව ඓශ්වර්යා පමණයි.

බොලිවුඩ් සිනමාවේ වෙනත් කිසිවකුට හෝ ඒ සඳහා ඇරයුමක් ලැබී තිබුණේ නැහැ. භෝජන සංග්‍රහයට එක්ව සිටියේ ද ඉතා සුළු පිරිසක්. ඒ සුළු පිරිසට ඓශ්වර්යා ද ඇතුළත්වීම විශේෂත්වයක්.

ඇය මේ දිනවල සිදු කෙරෙන චිත්‍රපට රූගත කිරීම් කටයුතුවලින් පැය කිහිපයකට ඉවත් වී මේ සංග්‍රහයට එක්වූ බවත් ආරංචි වනවා. භෝජන සංග්‍රහයට පැමිණි ඓශ්වර්යා ඇමතූ ප්‍රංශ ජනාධිපතිවරයා, තමන් සමඟ එකම මේසයේ දිවා භෝජනය ගැනීමට එක්වන ලෙස ද ඇයට ඇරයුම් කළා. 






Share this