ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ.
ඊයේ රාත්‍රී කථානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇත.
මෑත දී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කොටසක් සිරිසේන ජනපති සභාපති පදවියට පත් කළ අතර, ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැුස්වුණු පිරිසක් ඔහු සභාපති පදවියට තෝරා පත් කර ගත්හ.එහෙත් පක්ෂ සභාපතිවරයා විය යුත්තේ ජනපති ධුරය දරණ තැනැත්තා බව මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධණය කැරිණි.
ඉදිරි මැතිවරණයේ දී පක්ෂයක් ලෙස ඊට මුහුණ දිය යුතු බවත්, පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡුා කිරීමට සිකුරාදා (15* මධ්‍යම කාරක සභාව රැුස්වනු ඇති බවත්, පක්ෂයෙන් වෙන්ව ගිය මන්ත්‍රීවරුන් ද ඊට පැමිණෙතියි අපේක්ෂා කරන බවත් එම ආරංචි කියයි.