Showing posts with label Bollywood. Show all posts
Showing posts with label Bollywood. Show all posts

Preeti Zinta at the widest victory and defeat for deputies

ජය පරාජය විඳගැනීමට ප්‍රීටි ට බැරිලු

මේ දිනවල පැවැත්වෙන ‘ඉන්ඩියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරග මාලාවට ‘කිංස් ඉලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් පිල ද ක්‍රීඩා කරනවා. මේ ක්‍රිකට් පිලෙහි සම අයිතිකාරියක් තමයි, සුරූපී නිළි ප්‍රීටි සින්ටා. තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු හයේ පහරක් එල්ල කරද්දී ක්‍රීඩා මණ්ඩපයේ සිට ඔල්වරසන් දෙන ප්‍රීටි, යම් ක්‍රීඩකයකු දැවී ගියහොත් දැඩි ලෙස කම්පනයට පත්වෙනවා. මෙය හොඳින් දැක ඇති සමහරු පවසන්නේ ජය පරාජය විඳ ගැනීමේ සමබර සිතක් ඇයට නැති බවයි.

මේ අසමබර ගතිය නිසාදෝ ඇය, පසුගියදා පැවැති අයි. පී. එල්. තරග මාලාවේදී තමන්ගේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවාට දැඩි ලෙස දොස් පවරා තිබෙනවා. කිංස් ලෙවන් පන්ජාබ් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල් දෙක අතර පැවැති තරගයෙන් කිංස් ලෙවන් පන්ජාබ් පිල පරාජය වූ විට එම කණ්ඩායමේ පුහුණුකරු වන සන්ජේ බන්ගාර්ට තදබල දෝෂාරෝපණයක් ප්‍රීටිගෙන් එල්ල වී තිබෙනවා. ඇතැම් ඉන්දීය මාධ්‍ය පැවසුවේ ප්‍රීටි, ඔහුට පරුෂ වචනයක් ද කියා ඇති බවයි. මේ ආරංචිය මාධ්‍යවල ‘රසවත්’ පුවතක් වෙද්දී වහාම තම මුහුණු පොතෙන් ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රීටි සඳහන් කළේ මෙවැනි කටකතා නිර්මාණය කරන්නේ ඇතැම් මාධ්‍යවේදීන් බවයි.

“මම කොතනදිවත් පරුෂ වචන කීවෙ නැහැ. මම ඒ වෙලාවෙ වීරුයි සන්ජේයි එක්ක තත්පර 20 ක වගේ මො‍හොතක් කතා කළා. ඊට පස්සෙ මම, එතන හිටපු විරාට් කෝලිට සුබ පැතුවා. ෂේන් වොට්සන් එක්කත් ටිකක් කතා කරලා මගේ සැමියාත් එක්ක ක්‍රීඩා පිටියෙන් එළියට ඇවිත් කාර් එකේ නැගලා යන්න ගියා. සමහරු කියල තිබුණා මම ක්‍රිකට් ගැන දන්නෙ නෑ කියලා. පහුගිය අවුරුදු 9 පුරාම මම ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ගනුදෙනු කරල තියෙනවා...” ප්‍රීටි මුහුණු පොතේ ඒ සටහන තැබුවා.

Aishwarya Rai lunches with French President

ප්‍රංශ ජනපති සමඟ දිවා භෝජන සංග්‍රහයකයකට ඓශ්වර්යා ගිය හැටි

67 වැනි ඉන්දීය ජාතික දින සැමරුම පසුගිය දා උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙම උලෙළේ විශේෂ ආරාධිතයා වූයේ ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලන්දේයි. ඔහු වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙම වුණත්, ප්‍රංශ ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වන ලද විශේෂ භෝජන සංග්‍රහයට ඇරයුම් ලබන්නට තරම් බොලිවුඩ්පුරයේ දීප්තිමත් තරුවක් වාසනාවන්ත වුණා. ඒ, ඓශ්වර්යා රායි.

හිටපු ලෝක රූ රැජනට මේ ඇරයුම කළේ ඉන්දියාවේ ප්‍රංශ තානාපති ෆ්‍රැන්කොයිස් රිචර්. ඇරයුමට අනුව ඓශ්වර්යාට ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්වන්නට අවස්ථාව උදාවුණා. මේ ඇරයුම ලද එකම බොලිවුඩ් සිනමා තාරකාව ඓශ්වර්යා පමණයි.

බොලිවුඩ් සිනමාවේ වෙනත් කිසිවකුට හෝ ඒ සඳහා ඇරයුමක් ලැබී තිබුණේ නැහැ. භෝජන සංග්‍රහයට එක්ව සිටියේ ද ඉතා සුළු පිරිසක්. ඒ සුළු පිරිසට ඓශ්වර්යා ද ඇතුළත්වීම විශේෂත්වයක්.

ඇය මේ දිනවල සිදු කෙරෙන චිත්‍රපට රූගත කිරීම් කටයුතුවලින් පැය කිහිපයකට ඉවත් වී මේ සංග්‍රහයට එක්වූ බවත් ආරංචි වනවා. භෝජන සංග්‍රහයට පැමිණි ඓශ්වර්යා ඇමතූ ප්‍රංශ ජනාධිපතිවරයා, තමන් සමඟ එකම මේසයේ දිවා භෝජනය ගැනීමට එක්වන ලෙස ද ඇයට ඇරයුම් කළා. 






රාණි මුඛර්ජි සහ ආදිත්‍ය චොප්රාගේ දියණියට දසදෙසින් සුබ පැතුම්

ආදිත්‍ය - රාණි කතන්දරය පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා සහ ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි අතර හාදකමක් පවතින බවට එවක ආරංචි පැතිර ගියේ මුළු බොලිවුඩ්පුරයම කළඹවමින්. මේ පුවත ආන්දෝලනාත්මක එකක් වුණේ ඒ වන විට ආදිත්‍ය චොප්රා විවාහකයෙකු වී සිටිය නිසයි. රාණි මුඛර්ජි නම් වූ රුවැති යුවතියට ඔහු පෙම් කළා. එය මතභේදයට තුඩු දුන් ආදරයක් වුණා. කෙසේ වෙතත් ආදිත්‍ය 2009 දී තම නිත්‍යනුකූල බිරියගෙන් වෙන්වී රාණිව විවාහ කර ගන්නට තීරණය කළා.

ඔවුන් දෙදෙනා විවාහ වුණේ පසුගිය වසරේදීයි. 2014 අප්‍රේල් මාසයේ එක්තරා දවසක ඉතාලියේදී සිදු කෙරුණු මේ විවාහයට සහභාගි වුණේ සමීප හිතවතුන්, හිතවතියන් කිහිප දෙනකු පමණයි. විවාහයෙන් වසරකුත් මාස අටක් ගතවෙද්දී ආදිත්‍ය - රාණි යුවළ දෙමවුපියන් බවට පත්වෙලා. පසුගිය 8 දා රාණි මවු පදවිය ලැබුවා. ඇයට ලැබුණේ දියණියක්. ඉන්දියාවේ බ්‍රීච් කැන්ඩි නම් වූ පෞද්ගලික රෝහලේදී තිස්හත් වියැති රාණිට ලැබුණු මේ බිලිඳියගේ නම, අදිරා. ආදිත්‍ය යන නමෙහි 'අදි' සහ රාණි යන නමෙහි 'රා' යන ශබ්ද එකතු කර අදිරා යනුවෙන් නම් ලද මේ බිලිඳු දියණිය, දෙවියන්ගෙන් ලද උතුම් තිළිණයක් බවයි රාණි පැවසුවේ.

පහුගිය දවස් ගණනක් තිස්සේ මා වෙනුවෙන් මගේ රසික රසිකාවියන් හිතවතුන්, හිතවතියන් ආශිර්වාද කළා. අද මට දෙවියන්ගෙන් මේ දියණිය ලැබුණා. මට දෙවි පිහිට පැතූ සුබ පැතූ හැම දෙනකුටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැන් අපි, අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් පටන්ගත්තා. මවු පදවිය ලද රාණි මාධ්‍යයන් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

යාෂ් රාජ් චිත්‍රපට සමාගමේ ප්‍රධානියා වන හතළිස් හතර වියැති ආදිත්‍ය චොප්රා තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබුවේ මේ අයුරින්...

රාණි මුඛර්ජි සහ ආදිත්‍ය චොප්රා 'අදිරා' දියණියගේ සාඩම්බර දෙමවුපියන් බවට පත්වුණා.

ආදිත්‍ය සහ රාණි මවුපිය පදවිය ලද මොහොතේ මුලින්ම සුබ පැතුවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්, ජනප්‍රිය නළු නිළි දෙපළක් වන අයුස්මාන් ඛුරානා සහ පරිනීති චොප්රායි. ඉන් පසුව බොලිවුඩ්පුරයේ කලාකරුවන්, කලාකාරියන්ගේ සුබ පැතුම් ප්‍රවාහයක්ම ගලා ආ බවයි, ආරංචිවල සටහන් වුණේ.

පි‍්‍රයංකා චෝප්රාගේ උණුසුම් හාදුව අන්තර්ජාලයට - වීඩියෝ සහිතයි

ඇමරිකාවේ විකාශය වන ‘Quantico’ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන බොලිවුඩයේ රූප සුන්දරියක වන ප‍්‍රියංකා චෝප්රා ඒ කතා මාලාවේ පසුගියදා විකාශය කෙරුණු කොටසක ප‍්‍රියංකා එහි සහයක නළුවෙක් වෙන ජේක් සමග උණුසුම් සිප ගැනීමේ දර්ශනයක් ඇතුලත් උනා. බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇති එම දර්ශන පෙල මේ වන විට ඉන්දියාවද උණුසුම් කරමින් පැතිර යනවා. එම දර්ශන පහතින්…


ජැකලින් පළමු ෆිල්ම් ෆෙයා සම්මානය දිනයි

සිය පළමු ෆිල්ම් ෆෙයා සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය නිළි ජැකලින් ෆර්නැන්ඩස් සමත්විය. පසුගිය 30 වනදා සවස මුම්බායිහි පැවැති Filmfare Glamour & Style සම්මාන රාත්‍රියේදී Emerging Face of Fashion සම්මානයෙන් ඇය පිඳුම් ලැබුවාය. ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ජැකලින් පවසන්නේ එම සම්මානය තමාගේ පළමු ෆිල්ම් ෆෙයා සම්මානය වන බවයි.

තමා ඉන්දියාවට පැමිණීමේදී කිසිවක් නොතිබූ බවත් තිබුණේ නිළියක් වීමේ සිහිනය පමණක් බවත් තමා පැමිණි ගමනේදී උදව් කළ සියලු දෙනාට මෙම සම්මානය හිමි බවත් ඇය සිය ෆෙස් බුක් ගණුමේ සටහනක් එක්කරමින් පවසයි.
මෙම සම්මාන රාත්‍රියේදී ශාරුක් ඛාන්, දීපිකා පදුකොන් ඇතුළු පිරිසක් සම්මානයට පාත්‍රවූහ.

සම්පූර්ණ සම්මාන ලැයිස්තුව

Most Glamorous Star (Male) – ශාරුක් ඛාන්
Most Glamorous Star (Female) – දීපිකා පදුකෝන්

Most Glamorous Film of the Year – දිල් ධඩක්නේ දෝ

Most Glamorous Director – කබීර් ඛාන්

Most Glamorous On-Screen couple -රන්වීර් සිං/ දීපිකා පදුකෝන්

Most Glamorous Real-Life Couple - අබිෂේක් බච්චන්/ අශ්වර්යා රායි

Most Stylish Star (Female) - සෝනම් කපූර්

Most Stylish Star (Male) –රන්වීර් සිං

Emerging Face of Fashion (Female) – ජැකලින් ෆර්නැන්ඩස්

Emerging Face of Fashion (Male) –වරුන් ධවාන්
Trendsetter of the Year – අලියා බාටි

Global Icon Of The Year (Male) - ශාරුක් ඛාන්

Global Icon Of The Year (Female) - අශ්වර්යා රායි

Timeless Glamour and Style Icon (Male) -අනිල් කපූර්

Timeless Glamour and Style Icon (Female) – රේඛා

Fashion Debut of the Year - ආතියා ශෙට්ටි
Absolut Elyx Style & Substance Award - සොනම් කපූර්

Fashion Reinvention Of The Year - සෝනාක්ෂි සිංහා











නූඩ්ල්ස් දැන්වීමක් අමිතාබ්, මධුරි සහ ප්‍රීටි උසාවි ගෙනයයි

බහුජාතික සමාගමක් මගින් නිෂ්පාදනය කරන සුප්‍රසිද්ධ නූඩ්ල්ස් වර්ගයක් වෙනුවෙන් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි බොලිවුඩ් සුපිරි තරු තුනකට එරෙහිව මිනිස් සිරුරට හිතකර නොවන ආහාරයක් පරිභෝජනය කිරීම සඳහා ජනතාව පෙළඹවීම යන චෝදනාව මත නඩුවක් ගොනු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමිතාබ් භච්චන්, මධුරි ඩික්සිත් සහ ප්‍රීටි සින්ටා යන නළු නිළියන්ට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇත්තේ අදාළ නූඩ්ල්ස් වර්ගයෙහි මිනිස් සිරුරට අහිතකර MSG ප්‍රතිශතය අධික ලෙස පවතින බවට රාවයක් ඉන්දියාව පුරා පැතිර යාමත් සමගය.

කෙසේ නමුත් එම නූඩ්ල්ස් වර්ගය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවට අදාළ සමාගම තමන්ට සහතික කර ඇති බවත් අදාළ නළු නිළියන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ශාහිඩ්ට මංගල සීනු

ලබන මාසයේ තවත් බොලිවුඩ් තරුවකට මංගල සීනු හැඬවෙන බවට ආරංචි පැතිර යමින් තිබෙනවා. යුග දිවි ගමනට මුල පුරන්න බලාපොරොත්තු වන්නේ ජනප්‍රිය නළු, ශාහිඩ් කපූර්. ඔහුගේ මනාලිය, මීරා රාජ්පුට්. ඇය සිනමා ලොවට කිසිසේත්ම සම්බන්ධ කෙනකු නොවෙයි. දිල්ලි නුවර ඉපදී හැදී වැඩුණු මීරා, තුන්වැනි වසරේ උපාධි අපේක්ෂිකාවක්. ඇය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබා ගන්නයි අධ්‍යාපනය ලබන්නේ.

ශාහිඩ් සහ මීරා අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය ලබන දෙසැම්බර් මාසයේදී පවත්වන්නටයි කළින් සැලසුම් කර තිබුණේ. ඒත්, දෙපාර්ශ්වයේම දෙමවුපියන්ගේ එකඟත්වය මත එය ලබන ජූනි මාසයේදී පැවැත්වෙන බවයි අලුත්ම ආරංචිවල සටහන් වන්නේ. ඒ වෙනුවෙන් සියලු දේ ලක ලැහැස්ති වෙද්දී, ශාහිඩ් සහ මීරා ගේ මුදු පැලඳවී‍ෙම් උත්සවය මැයි 16 දා මීරා ගේ නිවෙසේ පැවැත්වුණා.
මේ සඳහා සහභාගි වුණේ ඔවුන් දෙදෙනාගේ දෙමවුපියන්, ළඟම ඥාතීන් සහ මිතුරු මිතුරියන් අතළොස්සක් පමණයි. මේ මුදු මාරුවේදී ශාහිඩ්, තම අනාගත මනාලියගේ සුරතෙහි පැලඳූ වටිනා දියමන්ති මුදුවේ වටිනාකම ඉන්දීය රු. ලක්ෂ 23 ක් බවයි පැවසෙන්නේ. මීරා ගේ කැමැත්ත අනුව මේ දියමන්ති මුදුවේ මෝස්තරය නිර්මාණය වූ බවත් එය නිර්මාණය කළේ දිල්ලි නුවර සුප්‍රකට ස්වර්ණාභරණ මාළිගයක් බවත් ශාහිඩ්ගේ හිතවතකු පැවසුවා.

කරීනා කෝටි 20ක වන්දියක් ඉල්ලයි

තරබාරු සිරුරක් ඇති අයගේ බර අඩුකරන්නත්, තරබාරු ගතිය අඩුකරන්නත් සමත්කම් දක්වන එක්තරා ඖෂධ පෙත්තක් මෑතකදී ඉන්දීය වෙළෙඳපොළට එක්වුණා. මේ ඖෂධය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේ ඒ වෙනුවෙන් නිර්මාණය කර තිබූ පුවත්පත් සහ වෙබ් අඩවි දැන්වීම්වල ජනප්‍රිය බොලිවුඩ් නිළියක් ද පෙනී සිටි නිසයි. මේ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියේ සුපිරි නිළි, කරීනා කපූර් ඛාන්.

ඇය එම වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියා විතරක් නොවෙයි. මේ ඖෂධය ගත් විට තරබාරුව අඩුවන්නේ යැයි ද තමන් ද එය පාවිච්චි කළ නිසා තම සිරුරෙහි සුන්දරත්වය මතු වුණේ යැයි ද කරීනා පැවසූ බව එහි සටහන් වුණා. වෙළෙඳ දැන්වීම පළවී තිබෙනු කරිනා දුටුවා. ඇයට කිසිවක් හිතාගන්නට බැරිවුණා. සැබැවින්ම ඇය මෙවැනි වෙළෙඳ දැන්වීමක පෙනී සිටියේ නැහැ. එවැනි ඖෂධයක ප්‍රචාරක කටයුතුවලට සහභාගි වන බවට කිසිඳු ගිවිසුමකට හෝ එළඹී තිබුණේවත් නැහැ.

“කරීනා මේ පෙත්ත ගන්න නිසා එයාගෙ බර, කිලෝ 13 කින් අඩුවුණා ය කියලත් මේ දැන්වීමෙ තිබුණා. මේක දැකපු ගමන්ම කරීනා වහාම නීතිඥ කණ්ඩායමකට මේ බව දැන්නුවා. මේ ඖෂධය නිපදවන සමාගමේ විස්තර හොයල බලන්න ය කියල එයා කිව්වා.

ඒ සමාගමට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්නත් කියලත් එයා නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් කළා” කරීනාගේ සහායකයකු එලෙස ප්‍රකාශ කළා.

දැනගන්න ලැබෙන හැටියටනම් මේ දැන්වීම පළ කළ ඖෂධ සමාගමෙන් රු. කෝටි 20 ක වන්දියක් ඉල්ලා නඩු පවරන්නටත් කරීනා මේ දිනවල අවශ්‍ය කටයුතු යොදමින් සිටිනවාලු. ඉදිරි දිනවලදී මේ වෙනුවෙන් වූ දැනුම්දීම ඖෂධ සමාගමට යැවෙනු ඇතැයි පැවසෙනවා.

සුශ්මිතාට මෙවරවත් මංගල සීනු හැඬවෙයි ද?


විශ්ව රූ රැජනක් ලෙස ඇය කිරුළු පැලඳුවේ 1996 දී. මේ වන විට ඇය 39 වැනි වියෙහි පසුවෙනවා. ඇය තවමත් අවිවාහකයි. ඒ වුණත් ඇගේ රූ සිරියෙහි අඩුවක් දකින්න නම් නැහැ. ඇය, සුශ්මිතා සෙන්.

මේ රුවැත්තියගේ අත ගන්නට කිහිප දෙනෙකුම වෑයම් කළා. ඒත් ඒ කිසිවකුට ඇය සමඟ යුග දිවි ගමන් අරඹන්නට හැකිවුණේ නැහැ. ඇය සමඟ පෙමින් වෙලී සිටි කීප දෙනකුම ඇගෙන් වෙන්වී ගියා. කොහොම වෙතත් මේ වන විට ඇගේ ආදරය ලබන්නට වාසනාවන්ත වී සිටින්නේ ධනවතෙක්. 35 වැනි වියෙහි පසුවන ඔහු, රිටික් භාසින්.

මේ දිනවල බොලිවුඩ්පුරයේ බොහෝ දෙනකුගේ අවධානය දිනා සිටින්නේ සුශ්මිතාගේ මේ අලුත්ම පෙම්වතායි. සැබවින්ම ඔහු සුශ්මිතාට නම් අලුත් පෙම්වතකු නොවෙයි. ඔහුත් ඇයත් ආදරයෙන් බැඳී ඇත්තේ මීට වසර 2 කට කලින්. ඒ කාලයේදී ඔවුන් දෙදෙනා ඉතා සමීපව ඇසුරු කරද්දී, ඒ ගැන විමසූ බොහෝ දෙනකුට සුශ්මිතා කීවේ රිටික් තමන්ගේ පෙම්වතා නොවන බවයි. ඒ වුණත් දෙදෙනා එකට එක්වී ප්‍රිය සම්භාෂණවලට සහභාගි වූ අයුරු සැඟවිය හැකි වුණේ නැහැ.

මීට සතියකට පමණ උඩ දී ඔවුන් දෙදෙනා සිනාමුසු මුහුණින් යුතුව කැමරා ශිල්පියකුට මුහුණ දුන් අයුරු දැන් නම් රහසක් නොවෙයි. දෙදෙනා එලෙස ඡායාරූපයකට පෙනී සිටියේ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන කරීම් මොරානිගේ උපන් දින සාදයට යමින් සිටින අතරතුරදීයි.

රිටික් සහ සුශ්මිතා එලෙස එකට එක්වී උපන් දින සාදයට සහභාගි වෙද්දී ඇතැම් අය කීවේ මේ දෙදෙනා බොහොමයක් සැඳෑ කාලවලදී අත්වැල් අල්ලාගෙන මුමුනමින් මග තොට ගමන් කරනු දුටුව බවයි.

රිටික් ව්‍යාපාරිකයෙක්. ඔහු අවන්හල් කීපයක හිමිකරුවකු බවයි පැවසෙන්නේ. මුම්බායි හි ජායි හින්ද් විදුහලෙන් සහ ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි උසස් අධ්‍යාපනය ලබා ඇති ඔහුට බොලිවුඩයේ මිතුරු මිතුරියන් කීප දෙනකුම සිටිනවා.

2008 නොවැම්බර් 26 දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඔහු අනූ නවයෙන් දිවි ගලවා ගත්තේ මුම්බායි නුවර ටාජ් හෝටලයේ සිටියදීයි. ඒ මොහොතේ රිටික් ඉදිරියෙහි සිටි තරුණියක් ත්‍රස්තයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී මියගියා. රිටික් සහ සුශ්මිතා ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වන බවයි ආරංචි. ඔවුන් දෙදෙනාගේ විවාහයට සුශ්මිතා හදා වඩා ගත් දියණියගේ අකැමැත්තක් නැතිලු.







සැමියා සමලිංගික බව දැනගත් පසු වෛද්‍යවරියක් දිවි නසාගනී

ෆෙස්බුක් ගිණුමේත් දිවි නසාගන්නා බවට පලකරලා

සැමියාගෙන් එල්ල වන මානසික වධ හිංසා සහ සැමියා සමලිංගිකයකු බව විවාහයෙන් පසුව දැන ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි වෛද්‍යවරියක් සිය දිවි නසා ගැනීමේ පුවතක් ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තා වනවා. 
ඇය මෙසේ දිවි නසාගැනීමට ප‍්‍රථම ලිපියක්ද ලියා ඇයගේ ෆෙස්බුක් ගිණුමේද පළකර තිබෙනවා. මෙලෙස දිවා නසාගෙන ඇත්තේ ඉන්දියාවේ දිල්ලිහි AIIMS වෛද්‍යවරියක් වන 31 හැවිරිදි ප්‍රියා වේදි නමැත්තියකි. දිල්ලි පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් සිදු වූ තුවාලවීමකින් අධික ලෙස ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සැක කරන බවයි. 

වෛද්‍යවරියක් වන ඇය විවාහයෙන් පසු තමන්ගේ ස්වාමිපුරුෂයා සමලිංගික බව දැනගත් පසු මහත් කම්පනයට පත්ව තිබෙනවා. එයද ඇය දිවිනසා ගැනීමට කාරණයක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳව ඇය ලිපියේදී සඳහන් කර තිබෙනවා.


 31 හැවිරිදි අදාළ වෛද්‍යවරියගේ මළ සිරුර දිල්ලිහී හෝටල් කාමරයක තිබී හමූවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වන ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.
පුරුෂයා සමලිංගික බව දැනගත් පසු ඔහුගේ තත්වය මෙම වෛද්‍යවරිය තේරුම්ගත් නමුත් ඔහු විසින් දෑවැද්ද පිළිබඳ ප‍්‍රශ්න කරමින් නිතර මානසික පීඩා එල්ල කළ බවත් ඇයගේ ලිපියේ සඳහන්.

ඇය දිවිනසාගත් දිනයේත් මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වූ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ඇයගේ ෆෙස්බුක් ගිණුමේ පලකළ පණිවුඩයේ දැක්වෙන්නේ තම සැමියාට ඇය ආදරය කරන බවත් ඔහු එය තේරුම් නොගන්නා බවත්ය.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රියාගේ සැමියා වන කමල් වේදි මැයි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එසේම මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරන්නේ. 

ප්‍රියා වේදි ගේ අවසන් ෆේස්බුක් සටහන තබා ඇත්තේ මේ ආකාරයෙනි. 


 "Dr Kamal Vedi, I never wanted anything from you but due to your abnormal sexuality you thought that I need sex from you. But it's wrong... "...I just wanted to be with you, accepting you and your sexual orientation because I loved you very much but you never knew importance of this. You are a criminal of my life. Dr Kamal's family is innocent but you are a devil,"





ප්‍රියා අවසන් වශයෙන් ෆේස්බුක් හි තැබූ සටහන



සල්ලාලයකු මෙල්ල කොට පොලිසියට ගෙනගිය වීර පාසල් සිසුවිය

කාම අපචාරවලට අද වැඩියෙන්ම ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ ඉන්දියාව බව එහි පුවත්පතක්‌ කියා සිටියි. ඉන්දියාවේ කොහේ හෝ තැනක දිනපතා තරුණියන් දෙතුන්දෙනකු දූෂණය වන බව ද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි. සල්ලාලයන්ගේ අතවරයන්ට ගොදුරු වන බොහෝ තරුණියන් ඝාතනයට ලක්‌වෙන බව ද පෙනේ. පසුගිය කාල වකවානුවේ තරුණියන් දූෂණය කොට මරා දැමූ කාම සල්ලාලයන් අල්ලා දැඩි දඬුවම් දී ඇතත් ඉන්දියාවේ තරුණියන් විනාශ කිරීමේ ක්‍රියාවලිය තවමත් නතර වී නැති බව පෙනේ. මේ අතර මෙම කාම අපචාර රැල්ල පසුබිම් කරගෙන ලෙස්‌ලි උඩ්වින් නමැති චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා 'ඉන්ඩියස්‌ ඩෝටර්' (Indias Daughter) නමින් වාර්තා චිත්‍රපටයක්‌ ද නිර්මාණය කොට ඇත. රූපවාහිනී නාළිකා ඔස්‌සේ මෙම චිත්‍රපටය විකාශය කිරීමට විධිවිධාන යොදා තිබුණද අද එම චිත්‍රපටය තහනමට ලක්‌ වී තිබේ.

ජෝති ෂර්මා බාවා "හින්දුස්‌ථාන් ටයිම්ස්‌'' පුවත්පතේ වාර්තාකාරිනියක ලෙස සේවය කරන තරුණියකි. පසුගිය දිනෙක ඇය කිසියම් සිද්ධියක්‌ වාර්තා කිරීම සඳහා ඡායාරූප ශිල්පියකු සමඟ එම ස්‌ථානයට ගියාය. ඔවුන් ආපසු එන විට රාත්‍රි නවයත් පසු වී තිබිණ. කාර්යාලයෙන් වාහනයක්‌ නොලැබුණ බැවින් ඔවුන්ට ආපසු ඒමට සිදුවූයේ කුලී රථයකිනි. මේ වෙලාව වන විට කුලී රථයක්‌ සොයා ගැනීම ද ඔවුනට ප්‍රශ්නයක්‌ විය. ඔවුන් දෙසට එන බසයක්‌ දැක තරුණිය (ජෝති ෂර්මා) ඉතා අමාරුවෙන් එයට ගොඩවූවාය. බසය තුළ තවත් (පිරිමින්) හතරදෙනකු සිටින බව ඇයට දැක ගන්නට ලැබිණ. ඒ සමඟම ඡායාරූප ශිල්පියා ද දුවන බසයට ගොඩවීමට උත්සාහයක්‌ දැරුවේය. රියෑදුරු බසයේ වේගය තවත් වැඩි කළේය. ඡායාරූප ශිල්පියාට බසයට ගොඩවීමට නොහැකි විය. තමන් ලෝක අමාරුවක වැටීමට යන බවත්, බසයේ සිටින කාමාතුරයන්ට තව මොහොතකින් තමන් ගොදුරු විය හැකි බවත් සිතූ මෙම නිර්භීත තරුණිය දුවන බසයෙන් එළියට පැන ජීවිතය බේරා ගත්තාය. තමන් බසයෙන් එළියට පනිනවාත් සමඟම එහි සිටි මැරයන් පිරිස කොක්‌හඬලා සිනා සෙනවා තමන්ට ඇසුණේ යෑයි ද ඇය කියා සිටියාය. මෙම බිහිසුණු සිද්ධිය ගැන තමන් පොලිසියට පැමිණිල්ලක්‌ කළ ද ඉන් වැඩක්‌ නොවූ බව ඇය කියා සිටියාය.

මේත් පසුගිය සතියේ සිදුවූ එවැනි සිද්ධියකි.

විසි හැවිරිදි පදන්‍යා මන්දාරේ මහාරාශ්ඨයේ ප්‍රාන්තයේ සතායේ විද්‍යාලයේ මාධ්‍ය හදාරන ශිෂ්‍යාවකි. පන්ති අවසන් වී සවස දෙකයි තිහට පමණ ඇය දුම්රියපළට පැමිණියේ නිවසට යැමේ අදහසිනි. මේ වන විට දුම්රියපළේ සෑහෙන පිරිසක්‌ සිටිය බව මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය එන තෙක්‌ එහි බංකුවක වාඩි වී සිටිය ප්‍රඩියා දුම්රිය එනවා දැයි සෝදිසි කිරීම සඳහා යළි බංකුවෙන් නැගී සිටියාය.

ඒ සමඟම කිසියම් පුද්ගලයකු දුව විත් ඇය බදා ගත්තාය. මෙම අනපේක්‍ෂිත බදාගැනීමෙන් තැතිගත් ප්‍රඩියා තමන් වැළඳගත් පුද්ගලයා වැරෙන් තල්ලු කර දැම්මාය. ඇය අසල සිටියේ බීමතින් පසු වූ කාමාතුරයෙකි. වැනි වැනි සිටි සල්ලාලයා යළිත් ඉදිරියට පැන ප්‍රඩියා බදා ගත්තේය. ප්‍රඩියා බදාගත් සල්ලාල තරුණයා පිස්‌සකු මෙන් ඇයගේ මුහුණත් බෙල්ලත් සිරීමට පටන් ගත්තේය. ඇය සල්ලාලයා සමඟ පොර බදිමින් ආධාර ඉල්ලා කෑ ගැසුවාය. මේ වන විට විශාල පිරිසක්‌ ඒ අසල රැඳී සිටියහ. සල්ලාලයා ප්‍රඩියාට අතවර කරද්දී ඔවුහු නිහඬව ඒ දෙස බලා සිටියා මිස සල්ලාලයා මෙල්ල කිරීමට කිසිම දෙයක්‌ නොකළහ.

පදන්‍යා මන්දාරේ ආත්මාරක්‍ෂාව සඳහා තරමක්‌ දුරට කරාටේ සටන් ක්‍රමය හදාරා තිබිණ. මේ සල්ලාලයාගෙන් ගැලවීමට නම් ඔහු මෙල්ල කළ යුතු යෑයි සිතූ ඇය අතේ වූ බෑගයෙන් ඔහුට පාරවල් කීපයක්‌ම එල්ල කළාය. බීමත්ව සිටි සල්ලාලයා එම පහරවල් වළක්‌වාලමින් ඇය සමඟ පොර බැදීමට තැත් කළේය. බෑගයෙන් පහර දී ඔහු මෙල්ල කිරීමට බැරි බව දැන ගත් ප්‍රඩියා කරාටේ පහරවල් කීපයක්‌ම ඔහුගේ මුහුණට එල්ල කළාය. බීමත්ව සිටි සල්ලාලයා එම පහර කා බිම ඇද වැටුණේය.

තරුණිය කළ මේ වීර ක්‍රියාවට අවට සිටි පිරිසගෙන් ලැබුණේ නිහඬ පිළිතුරකි. ඔවුහු ගල් ගැසී එදෙස බලා සිටියා මිස වචනයක්‌වත් කතා නොකළහ. තමන් විනාශ කිරීමට පැමිණි සල්ලාලයා මෙල්ල කළ ප්‍රඩියා ඔහුගේ හිස කෙස්‌වලින් අල්ලාගෙන ඔහු පොලිසිය වෙත ඇද ගෙන ගියාය.

පදන්‍යාට අතවර කිරීමට සූදානම් වූ සල්ලාලයා කවුදැයි පොලිසිය හඳුනාගත්තේය. චාවන් චවුඩ් නමැති මොහු බේබද්දෙකු පමණක්‌ නොව, මත්කුඩු උරන්නකු බව ද පොලිසිය කියා සිටියේය. මීට ඉහතදී ද ඔහු තරුණියන් කීපදෙනෙකුටම අතවර කළ කෙනෙකි. ඔහු පොලිසියට අසුනොවී කට්‌ටි පනිමින් සිටි සල්ලාලයකු බව පොලිසිය කියා සිටියේය. මෙම සිද්ධියෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක්‌ කළ ප්‍රඩියා මෙසේ කියා සිටියාය.

"මං වීරවරියක්‌ කියල හිතන්නේ නැහැ. නමුත් මං කොහොම හරි මේ පුද්ගලයා මෙල්ල කළා. අපි අපේ ශක්‌තිය යොදල මෙවැනි අවස්‌ථාවලදී ඔවුන් මෙල්ල කර ගන්න උත්සාහ කළ යුතුයි. එහෙම නොකරන තරුණියන් තමයි මෙවැනි මැරයන්ගේ අතවරයන්ට ලක්‌වෙන්නේ.

තමන්ට අතවර කිරීමට පැමිණි සල්ලාලයකු මෙල්ල කොට පොලිසියට බාරදුන් ප්‍රඩියා මන්දාරේ නමැති ශිෂ්‍යාව අද පොලිසියේ පමණක්‌ නොව බලධාරීන්ගේ ද ප්‍රශංසාවටත් කතාබහටත් ලක්‌ වී සිටියි. ඇයට වීර පදක්‌කමක්‌ පිරිනැමීමට ද ඉන්දියාවේ ප්‍රබල කාන්තා සංගමයක්‌ තීරණය කර ඇත. මේ අතර ඉන්දියාවේ ප්‍රබල කාන්තා සංගම් කීපයක්‌ම තරුණියන් අතවරයට ලක්‌ කරන මැරයන් අල්ලා ඔවුනට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙයි. මෙනවා කළත් ඉන්දියාව තවමත් කාමාතුරයන්ගෙන් පිරී ගිය රටකි. දිනපතා තරුණියන් හතරපස්‌දෙනකු අතවරයට ලක්‌වීම සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත් වී තිබේ. කාමාතුරයන්ට දෙන දඬුවම් ඉතාමත් ලිහිල් ය. මේ නිසා ඔවුන් තරුණියක්‌ හුදකලාව අසු වූ තැනකදී දූෂණය කිරීමට ඉදිරිපත් වෙන බව මධ්‍යස්‌ථ මතධාරීහු කියා සිටිති.