නූඩ්ල්ස් දැන්වීමක් අමිතාබ්, මධුරි සහ ප්‍රීටි උසාවි ගෙනයයි

බහුජාතික සමාගමක් මගින් නිෂ්පාදනය කරන සුප්‍රසිද්ධ නූඩ්ල්ස් වර්ගයක් වෙනුවෙන් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි බොලිවුඩ් සුපිරි තරු තුනකට එරෙහිව මිනිස් සිරුරට හිතකර නොවන ආහාරයක් පරිභෝජනය කිරීම සඳහා ජනතාව පෙළඹවීම යන චෝදනාව මත නඩුවක් ගොනු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමිතාබ් භච්චන්, මධුරි ඩික්සිත් සහ ප්‍රීටි සින්ටා යන නළු නිළියන්ට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇත්තේ අදාළ නූඩ්ල්ස් වර්ගයෙහි මිනිස් සිරුරට අහිතකර MSG ප්‍රතිශතය අධික ලෙස පවතින බවට රාවයක් ඉන්දියාව පුරා පැතිර යාමත් සමගය.

කෙසේ නමුත් එම නූඩ්ල්ස් වර්ගය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවට අදාළ සමාගම තමන්ට සහතික කර ඇති බවත් අදාළ නළු නිළියන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

Share this