මෛත්‍රීගෙන් ෆේස්බුක් වාර්තාවක්

මහින්ද රාජපක්ෂ ගේ අන්තර්ජාල හා සමාජ ජාලා ප්‍රචාරක ව්‍යාපාරය සදහා අැ.ඩො.මි 5ක් එනම් රු.මිලියන 650 ක් පමණ වෙතැයි දැනගන්නට ලැබී අැත.

ඉන්දියානු සමාගමක් මඟින් මෙම කටයුත්ත මෙහෙයවන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද සම්බන්ධ වී සිටී. එම කාර්යාලය නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටා ඇත.


කෙසේ වුවද මෙපමණ මුදලක් වියදම් කළද Facebook අැතුළු Socal media තුළ මේ වන විට අධි වේගයකින් වර්ධනය වී ඇති මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි අැති රැල්ල බිද දැමීමට ඔවුන්ට හැකියාවක් නොමැති වී අැති අතර දැනට ලංකාව තුළ වැඩිම වේගයෙන් ජනප්‍රිය වන Facebook පිටුව බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Facebook පිටුව පත්ව අැත.


එයට දිනකට නව පුද්ගලයින් 8,000 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වන විට මහින්ද රාජපක්ෂ ගේ පිටුවට සම්බන්ධ වන ප්‍රමාණය 2,500 ක් පමණි. මහින්ද රාජපක්ෂ මහතා වසර පහකට අාසන්න කාලයක් තිස්සේ ලබා ගෙන අැති like ප්‍රමාණය 480,000ක් පමණ ය. මසක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිටුවට like 230,000 ක් ලැබී අැත.


මේ අනුව මෙතෙක් ලංකාව තුළ වැඩිම වේගයෙන් වර්ධනය වූ Facebook පිටුව ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Facebook පිටුව ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටවා අැත

Share this