පොලිසිය අවසන් නිවේදනයත් දෙයි.. Video & Photos

අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තුව අසළ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණයෙන් තහනම් කළ නියෝගය උද්ඝෝෂකයන් හමුවේ අවසන් වරට කියැවීය. පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව එම තහනම් නියෝගය ගෙන ඇත.

පොලිසිය ඉල්ලා සිටියේ මැති සබේ කටයුතුවලට බාධා නොකොට එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.

පොලිසිය සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කර ගත් රාවණා බලයේ හිමිනමක් පැවසුවේ ඕනෑ නම් තමාට පහර දෙන ලෙසයි. එම පොලිස් නිලධාරියා ඒ හිමියන්ට කීවේ නෑ පොලිසිය අපි පහර දෙන්නේ නෑ. ඔබ වහන්සේලා නීති ගරුකව ක‍්‍රියා කරන්න යනුවෙනි.

පිරිසක් පාර්ලිමේන්තුව වටකරන්න හදයි (ඡායාරූප)
මේ වනවිට පාර්ලිමේන්තු සභාව යළි ත් උණුසුම් වී තිබේ. කථානායකවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඊයේ නැගූ වරප‍්‍රසාද ප‍්‍රශ්නයකට අද පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළේ, අල්ලස් කොමිසමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව තමාව දැනුවත් කිරීම සුදුසු බව ය.

මේ අතර පාර්ලිමේන්තුව පිටත මාර්ගයේ ද විරෝධතා පා ගමනක් පැවැත්වේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වෙනස්‌ කරගන්නා තුරු උපවාසයේ නිරත විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට සහාය පළකිරීමට පාර්ලිමේන්තු වටරවුම අසලට එක්වූ පිරිසක් මේවන විට පාර්ලිමෙන්තුව දක්වා ගමන් කිරීමේ පාගමනක් ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම, පාර්ලිමේන්තු පාර ඇතුළු ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතී.

එහි ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.












Share this