ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් සැමරුමට මෝදිගෙන් සිංහලෙන් සුබ පැතුම්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවේ 67වැනි නිදහස් දිනයට සිංහලින් සුබ පැතුම් පණිවුඩයක් ඔහු‍ගේ ට්විටර් ගිණුම වෙත‍ යොමු කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමෙන් සිංහල පණිවුඩයක් යොමුකරන මෝදි පවසන්නේ ශ‍්‍රි ලංකාවේ නිදහස් දිනයට සුබ පතන බවත්, ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට සුබ පතන බවත්ය. එසෙම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට සූදානමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙම පණිවුඩය සිංහල, ඉංග‍්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම යොමුකර තිබේ.


නිදහස් දිනයට සුබ පතමින් භාෂා තුනෙන්ම නිකුත් ට්විටර් පණිවුඩ පහත දැක්වේ.....







රටේ සංවර්ධනය සම්බන්ධයෙන් මෝදි තැබූ ට්විටර් සටහන පහත දැක්වේ.



Share this