US military operation in Kolonnawa .

අමෙරිකානු හමුදාව කොළොන්නාවට දුන්නු ගේම

පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැනීම නිසා ඇති වූ හදිසි අවස්ථාවේදී අන් සියල්ලන්ටම කලින් වැඩේට බැස්සේ තුන් සිංහලයම එක්සේසත් කළ අභීත රණවිරුවන්ය. ඔවුන් නොවන්නට ඒ මහා ගං වතුරෙන් වන ජීවිත හානිය අතිමහත්ය. එලෙස සිද්ධිය වූ අවස්ථාවේ සිට ජනතාවට සහන සලසමින් ජනතාව සමග සිටි අපේ හමුදා නිලධාරීන් සමග මේ වන විට විවිධ පාර්ශ්වයන් එක්ව ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ගේ නිවෙස් පිළිසකර කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටියි. 
මෙම ඡායාරූප පෙළ කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීමේ කාර්යේ යෙදී සිටින අමෙරිකානු හමුදා නිලධාරීන් පිරිසකගේය. අපේ ත්‍රිවිධ  හමුදා නිලධාරීන් සමග එක්ව අමෙරිකානු හමුදා භටයන් මෙම සුද්ධ පවිත්‍ර කිරීම් සිදු කරන ලදී. මේ සඳහා අමෙරිකානු හමුදා සෙබලියන්ද එක්ව සිටිනවා. 


















Share this