සේවය කළ ගුවන් යානයේම මිනී පෙට්ටියකින් ආපසු ආ රූමතිය

දොහාහි කාන්තාර ප්‍රදේශයකදී සිදුවූ රිය අනතුරෙන් මියගිය අමෙන්ඩ්‍රා ඩි කෞව්   (21) මෙනවිය මගේ අක්‌කාගේ දුවයි. ඇය ගුවන් සේවිකාවක්‌ වශයෙන් ගුවන් සේවයට එක්‌වූයේ රට රටවල් බැලීමටත් එම රටවල සංචාරය කිරීමටත් දැඩි කැමැත්තක්‌ දැක්‌වූ නිසා යැයි මාලදිවයිනේ සංචාරක හෝටලයක කළමනාකරුවකු ලෙස සේවය කරන රිචඩ් ජොන්සන් මහතා පැවසීය.

ඔහු එලෙස පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වශයෙන් කටයුතු කර දෝහා දේශයේ කාන්තාර සවාරියක යෙදෙමින් සිටියදී සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය ඇමෙන්ඩ්‍රා ඩි කෞව්   මෙනවියගේ තොරතුරු දැනගැනීම සඳහා ඇය පදිංචිව සිටි සීදුව රද්දොළුගම 7 ඩී, 22 දරන නිවසට ගිය අවස්‌ථාවේදීය.

තවදුරටත්  අදහස්‌ දැක්‌වූ රිචඩ් ජොන්සන් මහතා අනතුරෙන් මියගිය ඇය අවිවාහකයි. ඇගේ පියා සංචාරක ව්‍යාපාරයේ නිරත ඩැරල්ඩ් කුවේ. මව ජැකලීන් කුවේ. මියගිය ඇමෙන්ඩ්‍රා ඩි කව්,  කෞව්   යනුවෙන් නැගණියක්‌ ඉන්නවා. අක්‌කා විවාහකයි. නැගෙණිය අ.පො.ස. (සා. පෙළ) විභාගය කර ප්‍රතිඵල ලැබෙනතුරු නිවසේ රැඳී සිටිනවා.

මියගිය අය ඉගෙනුම ලැබුවේ ගම්පහ හෝලික්‍රොස්‌ විදුහලෙයි. ගුවන් සේවිකාවක්‌ වීමට දැක්‌වූ දැඩි කැමැත්ත නිසා අ.පො.ස. (සා.පෙළ) සමත් වූ වහාම වයස අවුරුදු 18 දී එනම් මියයැමට වසර තුනකට පෙර ගුවන් සේවිකාවක්‌ ලෙස ගුවන් සේවයට එක්‌වූ ඇය විනෝදකාමී සමාජශීලී තරුණියක්‌.

ඇයගේ සිරුර අද  ශ්‍රී ලංකාවට රැගෙන එන බව දන්වා තිබෙනවා. දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු අවසන් කටයුතුවලට දින තීරණය කරනවා.

ඇයගේ මෘත දේහය දිවයිනට රැගෙන එන ලද්දේ ඇය සේවය කරන ලද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 218 දරණ ගුවන් යානයෙනි. එම අවස්ථාව එහි කාර්ය මණ්ලඩයේ අනෙක් අයවළුන්ට දැඩි වේදනාකාරී අවස්ථාවක් විය. ඇ‍යගේ දේහය දිවයිනට ගෙන ආ ආකාරය පහත ඡායාරූපවලින් බලන්න.





Share this