සිංහ රෙජිමේන්තුවේ ‘කූගර්’ සිංහයා මියයයි (Photo)

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට ගාම්භීරත්වයක් එක් කරමින් වසර 19කට ආසන්න කාලයක් වාසය කළ ‘කූගර්’ නමැති සිංහයා 11 වැනි දා පස්වරු 2.00ට පමණ මියගිය බව යුද හමුදාව පවසයි.

එම සිංහයා කෙටි කලක් රෝගාතුරව සිටි බවත් අඹේපුස්සේ පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී මියගිය සිංහයාට අවසන් බුහුමන් දක්වා භූමදාන කළ බවත් යුද හමුදාව සඳහන් කරයි.

1996 වසරේ ජූනි මස 1 වන දා උපත ලැබූ ‘කූගර්’ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1996 අගෝස්තු මස 3 වන දා සිංහ රෙජිමේන්තුවට තිලිණ කර ඇත.

එවකට සිංහ රෙජිමේන්තුවේ කර්නල්වරයෙකු ලෙස සේවය කළ මේජර් ජෙනරල් (විශ‍්‍රාමික)  නම්මුනි මහතා, එම සිංහයා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට රැගෙනවිත් තිබේ.

පශු වෛද්‍ය ඩී.එස්. කොඩිකාර මහතා කූගර්ගේ වෛද්‍ය කටයුතු සිදු කර තිබේ.

යුද හමුදා විසින් නිකුත් කර තිබූ ඡායාරූප පහතින් දැක්වේ.















Share this