ලෝක කුිකට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවන තැන දිනා ගැනීමට කුමාර් සංගක්කාර අද සමත් වුණා. ඒ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයේදී කුමාර් සංගක්කාර පන්දු 86කදී නොදැවී ලකුණු 117ක් රැස් කිරීමත් සමගින්.
ඔහු මේ වන විට නවසීලන්තයේදී එක්දින ලකුණු 812ක් රැස් කර සිටිනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මාර්ක් වෝ. ඔහු නවසීලන්තයේදී ලකුණු 891ක් රැස් කර තිබුණා.
ඒ අනුව මෙතෙක් දෙවන තැන රැඳී සිටි ඔස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් පසු කළ කුමාර් සංගක්කාර ලොව දෙවන වන්නේ ඉන්දීය ක්‍රීඩක සචීන් ටෙන්ඩුල්කාර්ට පමණයි. කුමාර් සංගක්කාර ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගවලදී මේ දක්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 27,546ක්.
මේ අතර සංගක්කාර මෙම තරගයේදී රැස් කළ ශතකය ලෝක කුසලාන ඉතිහාසේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වාර්තාකළ වේගවත් ශතකය ලෙසද වාර්තා අතරට එක් වුණා. සංගක්කාර ඊයේ තරගයේදි ලකුණු ශතකය වාර්තා කළ පන්දු 70ක් තුළයි. සංගක්කාර ලබාගත් ශතකය සමග එංගලන්තයට එරෙහිව වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට ද පත් වුණා.
සංගක්කාර මේ වන එංගලන්තයට එරෙහිව එක්දින ලකුණු 1620ක් රැස් කර තිබෙනවා. ඔහු අද බිඳ දැමුවේ එංගලන්තයට එරෙහිව කොදෙව් දුපත් හි සර් විවියන් රිචර්ඕස් විසින් රැස් කර තිබූ ලකුණු 1619 යි. එමෙන්ම නවසීලන්තයේදී වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ විදෙස් ක්‍රීඩකයා ලෙසටද සංගක්කාර අතර වාර්තා පොත් අතරට එක් වුණා.
ඔහු මේ වන විට නවසීලන්තයේදී එක්දින ලකුණු 812ක් රැස් කර සිටිනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මාර්ක් වෝ. ඔහු නවසීලන්තයේදී ලකුණු 891ක් රැස් කර තිබුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණුලාභීන්