Veteran actor Vijaya Nandasiri Funeral [With Video]

අභාවප්‍රාප්ත වූ විජය නන්දසිරි මහතාගේ දේහය නිවසට රැගෙන එයි - (වීඩියෝ)

ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණු ප්‍රවීණ රංගධර විජය නන්දසිරි මහතාගේ දේහය මීට සුළු මොහොතකට පෙර ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආවා.

නන්දසිරි මහතාගේ හිතමිත්‍ර නළු නිළියන් ඇතුළු කලාකරුවන් විශාල ප්‍රමාණයක් අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට රැස් වී සිටිනු දක්නට ලැබුණා.

එමෙන්ම දේශපාලනඥයින් ද විජය නන්දසිරි මහතාට අවසන් ගෞරව දැක්වීම පිණිස පැමිණ සිටියා.නිවසෙහි දේහය තැන්පත් කෙරුණේ නන්දසිරි මහතාගේ බිරිඳවන දේවිකා මිහිරාණී මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතමිත්‍රාදීන්ගේ සෝ සුසුම් මධ්‍යයේ.ඔහුගේ කැමැත්තට අනුව මේ ආදරණිය කලාකරුවා තමන් ලෝකය දිහා බලපු ඇස් දෙකත් දන්දීලා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.


Share this