ගායක ගායිකා සංගමයේ නව සභාපති කීර්ති පැස්කුවල්

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ රෝහළ බෝගොඩ මහතාගේ නිල කාලය අවසන්වීමත් සමගම පසුගිය 27 වන දින නුගේගොඩ සංහිඳ ශාලාවට රැස් වූ සංගමයේ සාමාජිකයන් විසින් මීළඟ වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගෙන තිබෙනවා. 

ඒ අනුව 2015/2016 වසර සඳහා නව සභාපති ලෙස කිර්ති පැස්කුවල් මහතාත්, උප සභාපති ලෙස අනුර සේනානායක මහතාත් පත්විය. 
සෙසු නිලයන් සඳහා උපාලි පෙරේරා ප්‍රධාන ලේකම් ලෙසත් උප ලේකම් ලෙස දයාන් විතාරණ මහතාත්ත පත්විය. රොහාන් ද සිල්වා මහතා භාණ්ඩාගාරික ලෙස තේරි පත් වුණු අතර උප භාණ්ඩාගාරික ලෙස තේරී පත් වූයේ මයිකල් පෙරේරා මහතායි. 

නව සමසංවිධායකයින් ලෙස කමල් ස්වර්ණතිලක සහ මැණික් චන්ද්‍රිකාත්, තොරතුරු තාක්ෂණ ලෙස අජන්ත පීරීස් තේරී පත් වුණා. ගිණුම් පරීක්ෂක ලෙස පත්වූයේ රන්ජන් ජයතිලකයි. සුසිල් ප්‍රනාන්දු, ටෝනි හසන්, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, රූපා ඉන්දුමති, විජිත් ද සිල්වා අයිරින් ලියනගේ, පුන්‍යා කත්‍රීආරච්චි, ශිලා පරණමාණගේ සහ ජානක වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් කමිටු සාමාජිකයන් ලෙස තෝරා පත් කර ගනු ලැබුවා. 

අනුශාසකවරුන් ලෙස සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, සමන් ද සිල්වා, මධුමාධව අරවින්ද, ආචාර්ය රෝහණ වීරසිංහ සහ රෝහණ බෝගොඩ යන මහත්වරුන් කටයුතු කරනු ඇත. 


Share this