"අද සිට ඌවේ මහ ඇමති මමයි.." – හරීන්

"සන්ධානේ අයට තනතුරු දුන්නොත් පැය 24ක් ඇතුළත දී මමත් යනවා.."

මහින්දට සහය දුන් සන්ධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, මේ වන විටත් කුට්ටි පිටින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට පැමිණෙමින් සිටින අතර, එසේ පැමිණෙන සන්දානයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමතිනම් හෝ තනතුරු ලබාදීමට තමන් විරුද්ධ යයි එජාප ඌව පළාත් සභා විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු පවසයි.

ඔහු පවසන්නේ එසේ සිදුවන්නේ නම් තමා පැය 24ක් ඇතුළත එජාපයේ සියලු තනතුරුවලින් ඉවත් වන බවයි. සජින් වාස් ගුණවර්ධන, විනයාගමූර්ති මුරලිදරන්, උදිත් ලොකුබණ්ඩාර, අනුර විදානගමගේ යන අයට එසේ ඇමති ධූර හෝ තනතුරු ලබා දීමට හරීන් ප‍්‍රනාන්දු සිය විරෝධය ඵල කර ඇත.
එමෙන්ම තමන් අද දිනයේ සිට ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා බව ද ඔහු පවසා සිටිනවා. ඒ අනුව ඔහු පවසන්නේ ආණ්ඩු පක්‍ෂයේ සිවු දෙනෙකුගේ සහාය ඒ සඳහා ලැබෙන බවත්, ඉන් පසු තම පක්‍ෂයේ බලය ආණ්ඩු කාරවරයාට පෙන්වා තමන් මහ ඇමතිලෙස දිවුරුම් දෙන බවත් ය.

Share this