Veteran Actor Wijeya Nandasiri passes away

රටම හිනැස්සූ විජය නන්දසිරි යන්නම යයි

ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කළුබෝවිල ශික්ෂණ රෝහලේදීයි.  නන්දසිරි මහතාගේ පවුලේ ඥාතීන් පැවසුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය බවයි. එහෙත් ඒ වන විටත් මියගොස් සිටි බවද ඥාතීන් කියා සිටියා. වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසි විජය නන්දසිරි මහතා රංගන ශිල්පියෙකුගේ භූමිකාවට අමතරව නිවේදකයකු හා ගායකයකු ලෙසද කටයුතු කරනු ලැබුවා. 
දරුවන් දෙදෙනෙකුගේ පියකු වන නන්දසිරි මහතාගේ බිරිඳ වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දේවිකා මිහිරානි මහත්මියයි.  දරුවන් දෙදෙනා නවන්ජනා සහ රසාංජනා යි. 
1966 වර්ෂයේදී අමරදාස ගුණවර්ධන මහතා රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා නිෂ්පාදනය කරන ලද විදුර-දිව වේදිකා නාට්‍ය ඔස්සේ රංගන ක්ෂේත්‍රයට පිවිස නන්දසිරි මහතා, නැසිගිය නාට්‍ය නිර්මාණ ශිල්පී දයානන්ද ගුණවර්ධන මහතාගේ නරිබෑණා, ජසයා සහ ලෙන්චිනා වේදිකා නාට්‍යවලටද රංගනයෙන්  දායක වී තිබෙනවා. 
මනමේ, සිංහබාහු, මහාසාර සහ රත්නාවලි යන වේදිකා නාට්‍ය සඳහාද ඔහු සිය රංගන දායකත්වය සපයා තිබෙනවා. ඔහුගේ රංගන දායකත්වය ලද තවත් වේදිකා නාට්‍ය කිහිපයක් නම් සුබ සහ යස, නරියා සහ කේජු කෑල්ල, ඒකාධිපති, තාරාවෝ ඉඟිලෙති, කුවේණි සහ හුණුවටයේ කතාව. මියයන විට ඒ මහතා වේදිකා නාට්‍ය 40කට අධික සංඛ්‍යාව දිවයින පුරා රඟ දක්වා තිබුණි. 
නෑදෑයෝ චිත්‍රපටයෙන් සිනමා කේෂ්ත්‍රයට පිවිසි නන්දසිරි මහතා යස ඉසුරු, සඳකඩ පහණ, බංගලි වළලු, සසර සහ රේල් පාර යන චිත්‍රපටවලට රංගන දායකත්වය දක්වා තිබෙනවා. එසේම ඔහු කපු මහතෙකුගේ චරිතය නිරූපණය කළ සිකුරු හතේ චිත්‍රපටය වෙනුවෙන් ඔහුට හොඳම නළුවා සම්මානයද හිමි විය. 
එසේම රංගන දිවියට පිවිසීමට පෙර නන්දසිරි මහතා කටුනායක ගුවන් තොටුපොළේ ආහාර සැපයුම් නිලධාරියකු ලෙසටද කටයුතු කර තිබෙනවා. 

Veteran Actor Vijeya Nandasiri, who played the main role in several Sinhala movies and Tele dramas passed away this morning at the Kalubowila Teaching Hospital. He was 72 years of age at the time of his passing away. 

Share this