දයාරත්නට අම්පාරේදී හූ කියයි

වසර 7 කට පසු එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දයාරත්න මහතාට අම්පාරේ එජාප රැලියකදී ඔහු කථා කරද්දී දෙවරක්ම හූ හඬ මතුවිය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ ඇරයුමින් ඔහු වේදිකාවට ආවේය. ඔහු වේදිකාවට ගොඩවෙද්දී පිරිසක් හූ කීහ.

එයින් නොසැලී දිගටම කථා කරගෙන ගිය දයාරත්න මහතා දිගාමඩුල්ලේ සංවර්ධනයට ඔහුගෙන් සිදුවූ සේවය විස්තර කළේය.

‘මෙතැන සිටින එවුන්ගෙන් දෙතුන් දෙනකු මා කළ වැඩ දන්නෙ නැතුව ඇති. ඒ අය විරුද්ධ වුණාට මං බය නෑ‘ යනුවෙන් ඔහු පවසද්දී යළිත් හූ හඬ ආවේය.

පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා මුලින්ම කථා කරමින් තමන්ගේ හෘදය සාක්ෂිය අනුව ප්‍රකාශ කළ හැකි නම් පමණක් තම පිළිගැනීමේ කථාවට ඇතුළු කළ බව ඔහු කීවේය.

මේ සියල්ල සිදුවෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිත් නොකියා කිසිත් නොදන්නාක් මෙන් සිටියේය. වික්‍රමසිංහ මහතා සිය කථාවේදී සඳහන් කළේ ‘මට මන්ත්‍රීතුමාගේ නමත් කියන්න බයයි‘ යනුවෙනි.

දයාරත්න මහතා එජාපයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ රජයට එක්විය.










Share this