Photo Report කරලා මගේ ගමන නවත්වන්න කාටවත් බැහැ


සිරසගොසිප් නවක මෝස්තර නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් හඳුන්වාදීමේ ලිපි මාලාවේ තෙවැන්න සඳහා අපි සම්බන්ධ කර ගත්තේ නව පරපුරේ අලූත් අලූත් තේමාවන් යටතේ විවිධ වූ මෝස්තර නිරූපණයන්ට එක්ව සිටින නිරූපණ ශිල්පී හර්ෂ් ඞී. පීරිස්. මේ හර්ෂ් සමග සිරසගොසිප් වෙබ් අඩවිය සිදු කළ  සාකච්ඡාවයි.

හර්ෂ්, මුලින්ම කියමු බලන්න ඔයා මොන වගේ කෙනෙක්ද, ඔයාගේ ගම් පළාත කොහේද? කියලා.... 
මම හර්ෂ්... මම මොරටුවෙන්... මම කවුද කිව්වොත්... මගේ ගැන එක විදිහකින් කියන්න විදිහක් නැහැ. මම මොඩල් කෙනෙක්, මම සිංගර් කෙනෙක්, මම සෝන්ග් රයිටර් කෙනෙක් කියලා කියන්න බැහැ. මොකද මම ඒ සියලූම අංශයන්ගේම දැනුමක් තිබෙනවා. ඒ වගේම මම හිතනවා මොඩල් කෙනෙක් වෙන්න  ඕනි නම් හැම දෙයක්ම පිළිබඳවම පොඩි හරි දැනුමක් තිබිය යුතුයි කියලා. චරිතයක් වශයෙන් ගත්තොත් නම් මම හැම මොහොතකම සෑම අවස්ථාවකම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් විතරයි. එහෙත් මට කියන්න බැහැ මම මොඩල් කෙනෙක්, මම සිංගර් කෙනෙක් කියන එක එහෙම නැත්නම් සින්දු ලියන කෙනෙක් කියල කියන්න බැහැ. මොකද ඒ සෑම දේ සම්බන්ධයෙන්ම පොඩි ටච් එකක් තියෙනවා. ඒ වගේම ඒක නිසා මම  හිතනවා මම  ඕල් රවුන්ඩර් කෙනෙක් කියලා එක වචනයකින් කියන්න පුළුවන් කියලා. මම  ඕල් රවුන්ඩර් කෙනෙක් කියන තැන ඉඳගෙන මොඩලින් කරන කෙනෙක් කියලා බයක් නැතිව මාව හඳුන්වන්න පුළුවන්. 

හර්ෂ්... ඔයාගේ පාසල කුමක්ද? පාසල් ජීවිතය ගැන ටිකක් කියමුද බලන්න. 
මම ඉස්කෝලේ ගියේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට.  පාසල් කාලය ගැන කිව්වොත්... මම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරුවා. මම උසස් පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන්. පාසල් යන කාලයේ සිටම මම යාළුවොත් එක්ක ගොඩක් මිත‍්‍ර අයෙක්... ඒත් යාළුවෝ මාව දැක්කම හිනා වෙනවා. මොකද පාසල් සමයේදී මම නළුවෙක් පාසලේ. මට පාසල් මිතුරන් මාව දන්නේ ‘‘ඇක්ෂන් බට්ටා’’ කියලා. මට සර් කෙනෙක් ගහන්න ආවත්.... පොඩි ඇක්ෂන් එකක් දාලා පොඩි සීන් එකක් කරලා ඒකෙන් බේරෙන්න මම හොඳට දන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳලම මම නළුවෙක්... හැබැයි පාසලට යන්න නම් මම ටිකක් විතර අකැමැතියි. සාමාන්‍ය පෙළ කරන කාලයේ මම පාසල් ගියේ සියයට විස්සක් විතර. ඒත් උසස් පෙළ කරද්දී නම් සියයට තිහක් විතර පාසල් ගියා. මගේ වැඩි කැමැත්ත තිබුණේ වැඩිපුර ගෙදර ඉන්න. 

පවුලේ විස්තර ටිකකුත් කියමුද? පවුලේ කවුද ඉන්නේ... ඔවුන් මොනවද කරන්නේ කියලා. 
පවුලේ අම්මයි, තාත්තයි ඉන්නේ... තාත්තා දැනට පෞද්ගලික ආයතනයක සේවයේ නියුක්ත වෙනවා. මගේ අම්මා, ජයංගනී දික්කුඹුර රංගන  ශිල්පිනියගේ රූපලාවන්‍යාගාරයේ සේවය කරනවා. ඒ වගේම ඇයගේම කියලා නවතම සැලෝන් එකක් ආරම්භ කිරීමටත් ඇය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට සහෝදරියක් ඉන්නවා. ඇය දැනට විවාහ වෙලා සිටිනවා. ඇයට දරුවන් තිදෙනෙක් සිටිනවා. මම ‘‘මාමා’’ කෙනෙක්. 

ක්ෂේත‍්‍රයට එක්වීමට මුලින්ම කළ රංගනය හෝ මෝස්තර නිරූපණය ගැන ඔබට මතකද? ඒ ගැන මතකය ටිකක් අවදිකරමුද?
මම මුලින්ම කළේ ෆොටෝෂුට් එකක්... ඒක කළේ ස්ටුඩියෝ ජෙනරේෂන් නෙක්ස්ට් කියන ස්ටුඩියෝ එකේ අයියා කෙනෙක් එක්ක. මට  ඕන වුණේ මේ ක්ෂේත‍්‍රයට පැමිණීමට කලින් මම ඡායාරූපයකට පෙනී සිට ඉස්සරහින් ලස්සනයිද, පැත්තෙන් ලස්සනයිද දෙපැත්තෙන් ලස්සනයිද කියලා දැන ගන්න... ඒ කිව්වේ මම ගැන තක්සේරුවක් කර ගැනීමට මට අවශ්‍ය වුණා. වැඩකට යන්න කලින් මට දැන ගන්න  ඕන වුණා ඡායාරූපයකට මම කොහොමද කියන එක. ඉතින් මම මුලින්ම කරපු වැඬේ තමයි මම මංම කියවලා ඉවර වෙලො මට  ඕන ලොකේෂන් දාගෙන් ෆොටෝෂුට් එකක් කරපු එක තමයි මම මුලින්ම කළේ. 

හර්ෂ්... ඔයා මේ වන විට රංගනයට පිවිසී සිටිනවාද? මේ වන විට දායක වී ඇති දේ මොනවාද?
මම ගීත වීඩියෝ තුනක් කළා. දෙකක නම් මම සිටින්නේ සහායක  චරිතයක් විදිහට. අනෙක් එකේ නම් මම චරිතයක් නිරූපණය කරනවා.  ගීත දෙකක් රූපවාහිනී මාධ්‍යයෙන් ප‍්‍රචාරය වුණා. එක් ගීතයක් ප‍්‍රචාරය වුණේ හිරු ටී.වී. ඔස්සේ. අනෙක් ගීතයත්් හෙට අනිද්දාම රිලීස් වෙයි. ඒත් ඊට කලින් මගේම ගීතයක් නිකුත් කිරීමට මම බලාපොරොත්තු වෙන් සිටිනවා. ගීතය පමණක් නෙවෙයි ගීතයට රූප රචනයකුත් සමග තමයි මගේ ගීතය නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ. 

ඔබ මොස්තර නිරූපණය, රංගනය පිළිබඳ ඉගෙන තිබේද? ඒ වගේම නිරූපණ ක්ෂේත‍්‍රයට ප‍්‍රවිශ්ඨ වූු ආකාරයත් දැන ගන්න කැමැතියි.
මම මොඩලින් කියන දේ දැන ගෙන හිටියේ නෑ. නිරූපණ ශිල්පියෙක් කියන්නේ කවුද කියන්න මම දැනගෙන හිටියේ නැහැ... ඒ වගේම මෝස්තර නිරූපණයෙන් ආපු ආය තමයි ර`ගපාන්නේ ර`ගපාන සියලූම දෙනා මොඩලින් කරපු අය කියලා ප‍්‍රශ්නයක් තිබුණා. ඉතින් මම ඒ සම්බන්ධයෙන්් සෙවීමට උනන්දු වුණා. එහෙම අහද්දී මගේ ඉංගී‍්‍රසි ගුරුවරියගේ පුතා තමයි මට මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වීමට අත්වැල සැපයුවේ. ඔහු දිනක් මට කිව්වා රොෂෑන් මැඩම්ගේ ක්ලාස් එකක් තියෙනවා... මල්ලි ඒකට ගිහින් බලන්න කියලා.. එදා මම ඔහුගෙන් ලැබූ උපදෙස් මත තමයි නිරූපණ ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණේ. ඒ ගැන මම මුලින්ම සිහිපත් කරන්න  ඕන. ඒ වගේම මගේ්ම සහෝදර සහෝදරියෝ වගේ ඉන්න පිරිසක් ඉන්නවා. ගොඩක් අය සිටිනවා මට උදව් කරපු. නම් වශයෙන් කියන්න මම කැමැති නැහැ. මොකද මම නම් කියලා එක් අයෙක්ගේ හෝ නමක් කියවුණේ නැත්නම් ඒකෙනාට මම කරන අසාධාරණයක් ඒක. ඒ වගේම එයාගේ හිත රිදෙන්නත් පුළුවන්නේ. කණ්ඩායමක් වශයෙන් මතක් කළොත් මිස්ටර් ශී‍්‍ර ලංකා තරගාවලියේ සිටි තරගකරුවන් සියලූම දෙනා මතක් කරන්න කැමැතියි.  ඒ් සියලූම දෙනාම මට ගොඩක් උදව් කළා. මිස්ටර් ශී‍්‍ර ලංකා ෆෝ ග්ලෝබ් කියන තරගය තමයි මගේ පළමු තරගය. ඒ වගේම මගේ පල්ලියේ යාළුවෝ. මගේ නිවස ආසන්නයේ සිටින ඒ කිව්වේ මගේ ගමේ සිටින මා දිරිමත් කරන සියලූම ප‍්‍රදේශවාසීන්් මතක් කරන්න කැමැතියි. ඒ හැම දෙනාමට මම ස්තුතිවන්ත වෙනවා. 

හර්ෂ් ඔයා ෆේස්බුක් ඉන්නවාද? ව්‍යාජ ෆේස්බුක් ගිණුම් එහෙම තිබිලා අහුවෙලා නැත්ද ඔබේ නමින්. 
මම ෆේස්බුක් එකේ ඉන්නවා. මම ඉන්නේ හර්ෂ් ඞී. පීරිස් කියන නමින්. මගේ ෆෑන් පේජ් එකකුත් මගේ තියෙනවා. මේ හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. මම ඒ අත්දැකීමට මුහුණ දී සිටිනවා... එහෙත් ෆේක් එකවුන්ට් විදිහටම නෙවෙයි. එහෙත් මගේ නම කියවලා කියපු දේවල් ගොඩක් තිබුණා. වහින්ඔරෝ කියලා දාලා තිබුණා ෆේස්බුක් එකේ. මගේ ඡායාරූප අසභ්‍ය වෙබ් ජාලවල වැනි ලින්ක්වලට මගේ ඡායාරූප යොදාගෙන තිබුණා. 

ඔබ ටෙලි නාට්‍ය හෝ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට එක්වීමට ඇති බලාපොරොත්තුව කොහොමද?
අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් තිබෙනවා. මගේ හීනය ඒකයි... මොකද මම මොරටුවේ... මොරටුවේ අයගේ ඇගේ ලේවල තියෙනවා රංගනය කියන එක. ජනපි‍්‍රය චරිතයක් වෙන්න  ඕන කියන එක මගේ ගමෙන්ම ආපු එකක්. මගේ හීනයක් තමයි මගේ ගෙදර රූපවාහිනියේ එහෙමත් නැත්නම් කොළඹ අවට විශාල ප‍්‍රමාණයේ දැන්වීම් පුවරුවල දකින්නත් මම ගොඩක් කැමැතියි. මගේ හීනයක් ඒක. ඒක මම කොහොම හරි කරනවා. 

ඔබ මෝස්තර නිරූපණය ස්ථිර රැකියාවක් ලෙසද කරන්නේ. ඔබ රැකියාවක් කරනවාද?
මම මීට පෙර සොෆ්ට්ලොජික් ආයතනයේ වසර තුනක්  සේවයේ නිරත වුණා. ඊට පසුව මම ලංකාවේ විශාලතම කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයකට සම්බන්ධ වුණා. හයිඔක්ටේන් කායවර්ධන මධ්‍යස්ථානයට සම්බ්න්ධ වුණා මීට මාස දෙකක විතර කලින්. මම දැනට එහි ආධුනිකයෙක්. 

යම් නිෂ්පාදකයකුට හෝ අධ්‍යක්ෂවරයකුට හෝ ඡායාරූප ශිල්පියෙකුට ඔබ සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද ඔබ සම්බන්ධ කර ගත හැක්කේ. 
මගේ ෆේ්ස්බුක් එක හරහා තමයි සම්බන්ධ කර ගත්හැක්කේ. මොකද දුරකථන අංකය කෙරෙහි මම එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මොකද බැරි වෙලාවත් මම බෝයි කෙනෙක්ට හායි මැසේජ් එකක් දැම්මොත් එහෙම ලොකු ලොකු ප‍්‍රශ්නවලට මුහුණ දෙනේන වෙයි. 

මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු? 
2020ට කලින් ලංකාවේ මිස්ටර් ශී‍්‍ර ලංකා වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

මුලින් ඔබ පැවසුවා ගීතයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව. ඒ ගැන විස්තර ටිකක් කියමුද?
ගීතයේ නම ‘‘සිතක් පුරා’’... සිතක් පුරා කියලා තමයි ටයිටල් එක යන්නේ. මේ ගීතය ලිව්වෙත් මම ගායනා කරන්නෙත් මම... මේ ගීතයේය සංගීතය කළේ අර්බන්අයි කියන ස්ටුඩියෝ එකේ. දැනට එහි පටිගත කිරීම් අවසන් කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ ගීතය රසිකයන් වෙතට ලබාදීමට සූදානම් වනවා.  ඕඩියෝ එකත් එක්කම මේකිං වීඩියෝ එකකුත් දාන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ලබන මාසය වන විට මගේ ගීතයේ නිල වීඩියෝව එළිදැක්වීම බලාපොරොත්තු වෙනවා. 

හර්ෂ් අපි දැක්කා පසුගිය දවසක ඔය ෆේස්බුක් ඔස්සේ යුද්ධය ප‍්‍රකාශ කර තිබෙනවා. මොකක්ද ඒ සිද්ධිය. 
මම ෆේස්බුක් එකේ ස්ටේටස් අප්ඬේට් කරන කෙනෙක් නෙවෙයි. එහෙත් මම පසුගියදා ටීනා සනෙල් සමග කළ ෆොටෝෂුට් එකක් කළා. එය මගේම කන්සෙප්ට් එකකට ලොකු සැලසුමක් ඇතිව කළ වැඩක් ඒක. ඒ ඡායාරූප ටික මම ෆේස්බුක් එකට අප්ලෝඞ් කර දින දෙකක් තුළ විශාල ලයික් ප‍්‍රමාණයක්, විශාල ෂෙයාර්ස් ප‍්‍රමාණයක් සිදු වුණා. එහෙත් එකවරම මේ සියල්ල නතර වුණා. මේ සම්බන්ධනේ මගේ ඡායාරූප ශිල්පියා පැවසුවා යම් අයෙක් මෙම ඡායාරූප  එකතු රිපෝට් කර ඇති බව. එම රිපෝට් කරපු පුද්ගලයා හේතුව ලෙස දක්වා තිබුණේ එම ඡායාරූප එකතුව දැකීමෙන් තමා ෂොක් වුණා කියලා. එහෙත් මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔය වගේ දේවල් වුණා කියලා මාව නවත්වන්න හදන්න එපා... මම නවතින්නේ නැහැ කවුරු මාව නවත්වන්න හැදුවත්. 

ඔබ මෝස්තර නිරූපණය, රංගනය පිළිබඳ ඉගෙන ගෙන තිබේද? ඒ කා යටතේද?
මම මුලින්ම නිරූපණ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ රොෂෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියෙන්.... ඊට අමතරව දැන් මේ වන විට අර්ජුන සේනානායක සර් යටතේ හදාරමින් සිටිනවා. එසේම මම මාෂල් ආටර් කෙනෙක්. වසර 14ක් තිස්සේ අධ්‍යයනය කර ඒ පිළිබඳ දැනුමක් ලබාබෙනවා. දකුණු ආසියානු තරගාවලියකින් තෙවන ස්ථානය ලබාගත්තා. ඒ වගේම ඡායාරූපකරණයටත් දක්ෂ කෙනෙක්. මම විශේෂයෙන් කියලා ඡායාරූපකරණය ඉගෙන නැහැ. එහෙත්් කැමරාවක් අතට ගත්තම ඒ ගැන මගේ දැනුම අනුව මම ඒ දේ කරනවා. 

ඔබ විවිධ විලාසිතාවන්ගෙන් ඡායාරූප  ඔබගේ ෆේස්බුක් ගිණුමට එකතු කරනවා. එවැනි දේ සම්බන්ධයෙන් ෆේස්බුක් එකෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
මට ලයික්, කමෙන්ට්, ෂෙයාර්ස් ගොඩක් ලැබෙනවා. ඒත්.... මේ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ගොඩක් අමාරුයි. මෙහෙමයි ලයික් කරන අය ගොඩක් ඇති, කමෙන්ට් කරන අය ගොඩක් ඇති, ෂෙයාර් කරන අය ගොඩක් ඇති. එහෙත් මම ලයික් කරන ප‍්‍රමාණය, ෂෙයාර් කරන ප‍්‍රමාණය, කමෙන්ට් කරන ප‍්‍රමාණය ගොඩක් අඩුයි. කිසිම ප‍්‍රශ්නයක් නොදාගෙන ඉන්න චරිතයක් වෙන්න තමයි මම කැමැති. නැත්නම් ලොකු ලොකු ලෙඩ වැටෙන්න ඉඩ තිබෙනවා. 

අවසාන වශයෙන් සිරසගොසිප් සිදුකරන මෙම නවක නිරූපණ ශිල්පීන්, ශිල්පිනියන් සහ ඡායාරූප ශිල්පීන් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
මම දැක්කා ගයනි කළුපහනගේ අක්කාගේ සම්මුඛ සාකච්ඡුාව... ඇත්තටම මෙය හොඳ වැඩක්... මොකද නවක මෝස්තර නිරූපණ නිරූපිකාවන් බහුතරයක් බලාගෙන සිටිනවා මේ ක්ෂේත‍්‍රයට පැමිණීමට... ගොඩක් අය අපෙන් අහනවා මේ ක්ෂේත‍්‍රයට එක්වුණේ කෙසේද කියලා. ඒ වගේ අයගේ ඡුායාරූප බැලූවාම සමහරුන් අපිටත් වඩා හොඳට සිටිනවා. මම පුළුවන් ආකාරයෙන් උදව් කරනවා. ඒ වගේම මේ වැඬේ සාර්ථක වෙලා. එහෙත් මම ප‍්‍රාර්ථනා කරනවා මේ වැඬේ අතිසාර්ථක වෙන්න කියලා. ඒ වගේම මේ කරන ආකාරයේත් උසස් තත්ත්වයක් තිබෙනවා. එම නිසා මම සුබ පතනවා. 


නිරූපණ ශිල්පී සම්බන්ධීකරණය ඡායාරූප ශිල්පි ඉමේෂ් නුවන්දක

සිරසගොසිප් හර්ෂ් සමග කළ සම්පූර්ණ හඬපටය පහතින් අහන්න...



හර්ෂ්ගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.



















Share this