පොලිස් ස්ථානයක් මළගෙයක් කළ පොලිස් පරීක්ෂකගේ ස්ථාන මාරුව [Video]

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාට වහාම ක‍්‍රියාත්මක වන පරිදි පිළියන්දල පොලිසියට ස්ථාන මාරුවක් ලැබී ඇත. සාරානාත් මහතා 18 දින දඹුල්ල පොලිසියෙන් පිටත්ව යන්නට සුදානම් වෙද්දී පොලිසියේ සියලූ‍ නිලයන් පොලිස් කාන්තාවන් ඒ මහතා වැළඳගෙන පැයක පමණ කාලයක් පොලිසිය තුල හඩා වැටෙන්නට විය.

සිවිල් සංවිධාන නායකයෝද මේ අවස්ථාවට පැමිණ හඩා වැටෙන්නට විය ලදඹුල්ල ප‍්‍රදේශයේ මාහා සංඝරත්නය ද පොලිසියට වැඩම කොට ස්ථාන මාරුව ලබා යන සාරානාත් මහතා දඹුල්ල ප‍්‍රදේශයට මාස 18ක් කාලයක් තුල කල සේවය ඇගයීමට ලක්කළහ.

සාරානාත් මහතා අසරණ ජනතාවට ලපිහිටවීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ළමා හා කාන්තා හිංසනය නැවතීම ලඅපරාධ අවම කිරීම ආදී සිද්දීන් රැුසක් මාස 18 කාලය තුල දඹුල්ල ප‍්‍රදේශයේ සිදු කළහ. මෙතරම් සේවයක් සිදු කරමින් සිටි ඒ මහතාට හදිසි ස්ථාන මාරුව ලැබීම පිලිබදව දඹුල්ලේ ජනතාව පොලිස් දෙපාර්තමේන්තුව පිලිබදව කළකිරී සිටින බව කියති.

Share this