සරල ජනාධිපති ඉතාලි දුම්රියේ ගිය හැටි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සරල දිවිපෙත සම්බන්ධයෙන් දිවයින පුරා පසුගිය කාලය පුරාවමට සාකච්ඡාවට බඳුන් වුණා. මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණ දුන් තවත් රසබර අත්දැකීමකි. මෙය මාධ්‍යයට අනාවරණ නොවුණත් මෙම සංචාරයට සහභාගි වී අයෙකු විසින් මෙම ඡායාරූප ප්‍ර‍සිද්ධියට පත් කර තිබෙනවා. 

ඉතාලි ගුවන් තොටුපොළේ සිට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂකයන් පිරිවරාගත් රථ පෙළපාලියක් තෝරාගත්තේ නැති අතර VVIP පර්යන්තයකින්ද පිටතට පැමිණියේ නැති. ඔහු තෝරා ගනු ලැබුවේ ඉතාලියේ විදුලි දුම්රියයි. 

ශුද්ධෝත්තම පාප් වහන්සේද මෙම දුම්රිය භාවිත කරන අතර බොහෝ රාජ්‍ය නායකයන් තානාපති කාර්යාල හරහා අධික විදයම් කරමින් සුඛෝපභෝගි ලිමොසින් වාහන යොදා ගන්නා අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම දුම්රිය ගමනට ඉතා සතුටින් සිනමුසු මුහුණින් යුතුව එක්ව සිටි බවයි වාර්තා වන්නේ. 


Share this