හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයෙක් පැහැරගත් හැටි - CCTV දර්ශන

කාර්යාලයට ගෙනිහින් තියෙන්නේ හිරුණිකාගේ අනුදැනුම මතලූ‍

පහරදෙද්දිත් හිරුණිකා එතන හිටියලූ‍ තර්ජනයත් කරලාලූ‍

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් කෙළොන්නාව ප‍්‍රදේශයේ තරුණයකු ඊයේ (21) පැහැරගෙන ගොස් පහරදී නැවත මග දමා ගොස් සිටිය දී ‍පොලිසිය විසින් සොයාගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඔහු දෙමටගොඩ ගුවන් පාලම අසල රෙදි අලෙවිසලක සේවය කරන අතර ඊයේ පස්වරු 2.25ට පමණ එම අලෙවිසලට කඩා වැදුණු පුද්ගලයින් හයදෙනකු ඔහුට පහරදී ඩිෆෙන්ඩර් රථයක බලෙන් නංවාගෙන ගොස් තිබෙනවා.

මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් දෙමටගොඩ ‍පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පැහැරගත් ඩිෆෙන්ඩර් රථයේ අංක තහඩු පිළිබඳ සී.සී.ටී.වී. දර්ශන මාර්ගයෙන් හෙළිකර ගැනීමට ‍පොලිසියට හැකිවී තිබෙන බවටයි වාර්තා වන්නේ.

එම ඩිෆෙන්ඩර් රථය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කර ඇති බව හෙළිවීමෙන් පසු ඒ ඔස්සේ විමර්ශන කළ පොලිසිය පසුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට මේ පිළිබඳව දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ රාත‍්‍රී 8.30ට පමණ පැහැරගැනීමට ලක් වූ තරුණයා මහමග දමා ගොස් තිබෙන අතර පසුව එම තරුණයා දෙමටගොඩ ‍පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර ඔහු පවසා ඇත්තේ තමාට අදාළ පිරිස හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට අයත් කොළොන්නාවේ පක්ෂ කාර්යාලයකට ගෙන ගොස් පහරදුන් බවයි.

එම අවස්ථාවේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රද එහි සිටි බවට පහරකෑමට ලක්වූ පුද්ගලයා පවසා සිටිනවා. හිරුණිකාගේ අනුදැනුම මත මෙලෙස කාර්යාලයට රැගෙන ගොස් පහරදී ඇති බවත් පොලිසියේ දමා ඇති පැමිණිලි ඉවත් කරගන්නා ලෙසත්, ඇය නීතීඥවරියක් නිසා කටයුතු කළ යුතු ආකාරය ගැන ඇය හොඳින් දන්නා බවත් එහිදී පවසා ඇති බවට වාර්තා වෙනවා.

තමා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේ ප‍්‍රබල ආධාරකරුවකුගේ බිරිඳ සමග සබඳතාවක් මාස හයක සිට පැවැත්වූ බවත් ඔහු දෙමටගොඩ ‍පොලිසියට කටඋත්තරයක් දී තිබෙනවා.

අදාළ කාන්තාවගේ වයස අවු. 34ක් වන බව ද එම තරුණයා ‍පොලිසිය හමුවේ කළ පැමිණිල්‍ලේ සඳහන් වන අතර පහරකෑමට ලක් වූ මෙම තරුණයා ඊයේ රාත‍්‍රියේම කොළඹ ජාතික රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

අදාළ සී.සී.ටීවි දර්ශන පහතින් නරඹන්න. 


Share this