අලි ජාවාරමට සැකපිට ප්‍ර‍සිද්ධ හිමිවරුන් දෙනමක් අත්අඩංගුවට පත්වන ලකුණු

වන අලි ජාවාරමට සම්බන්ධ බවට සැකකරන ප‍්‍රසිද්ධ භික්‍ෂුන් වහන්සේ දෙනමක්‌ ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පවසයි.

ප‍්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති මෙම භික්‍ෂුන් වහන්සේලා දීර්ඝ කාලයක සිට වන අලි පැටවුන් ගෙනැවිත් තම විහාරස්‌ථානවල සඟවාගෙන සිට ජාවාරම් කර ඇතැයි හෙළිවී තිබේ.

මෙම භික්‍ෂුන් වහන්සේලා සන්තකයේ සිටි වන අලි පැටවුන් හයදෙනකු මීට ඉහතදී පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබිණි.

එක්‌ භික්‍ෂුන් වහන්සේ නමකට අයත් විහාරස්‌ථානයේ සඟවාගෙන සිටි බලපත‍්‍ර නැති වන අලි පැටවුන් 5 දෙනෙක්‌ සොයාගෙන තිබූ අතර අනෙක්‌ භික්‍ෂුන් වහන්සේට අයත් විහාරයක සඟවාගෙන සිටි අලි පැටවකු ද පොලිසිය මගින් අත්අංගුවට ගෙන තිබිණි.

මෙම භික්‍ෂුන් වහන්සේ දෙනම විවිධ බලවත් පුද්ගලයන් මාර්ගයෙන් පොලිසියට බලපෑම් කරමින් අලි ජාවාරම් සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු යටගැසීමට දැඩි උත්සාහයක නිරත වන බව ද පොලිස්‌ ආරංචිමාර්ග පවසයි

Share this