ගණිතය අසමත් වුණැයි සිසුවියක් ගෙල වැළලා ගනී

අද දිනයේ 2014 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල නිකුත් වුණා. එය නිකුත් වීමත් සමගම සිදුවූ සෝචනීය පුවතක් මේ වන විට ගම්පොළ ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

ගණිත විෂය සඳහා දෙවන වරට පෙනී සිටි ශිෂ්‍යාවක් ඉන් අසමත්වීම හේතුවෙන් නිවසේ විදුලි පංකාවේ සාරියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොල පුස්සැල්ලාව ඩී.එස්. වත්තේ පදිංචි 17 හැවිරිදි ශිෂ්‍යාවක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.


Share this