රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මෙයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්, මේ මොහොත වන විටත් එම සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා කියා සිටියේ මෙම පිරිස චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතුව එක්සත් යහපාලන ජාතික පෙරමුණින් තරඟ කරනු ඇති බවයි.
යම් යම් සාකච්ඡා පැවැත්වෙන නමුත් ඒ පිළිබඳ කිසිවක් කිව නොහැකි බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ