හරිම ෂෝක් හොඳම ටික

ජීවත් වෙන්නට වෙරදන මඟුල් කපුවෙක් සහ සල්ලිකාර ගැහැනියක් ආරක්සා කරන තරුනියන් දෙදෙනෙකු වටා ගෙතුණු අපූරු කතාවක් රැගත් නිහාල් ප්‍රේමචන්ද්‍රගේ 16 වන ඩී.වී.ඩී. චිත්‍ර‍පටය වන හරිම ෂෝක් විනෝදාත්මක චිත්‍ර‍පටය එස්.ජී. ප්‍ර‍ඩක්ෂන් ආයතනයේ නිෂ්පාදනයකි. මෙහි කැමරාකරණය විජිත උදයකුමාරගෙන් වන අතර වෙස් ගැන්වීම පාලිත මහින්ද ලාල්ගෙනි.. ශ්‍රීනාත් ගුණවර්ධන විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්‍ර‍පටයෙහි නිහාල් ප්‍රේමචන්ද්‍ර‍, බිංදු බෝතලේගම, මහේන්ද්‍ර‍ විජේරත්න, තක්ෂිලා සෙව්වන්දි, නදිශානි නවරත්න, ප්‍රියදර්ශනී සමරදිවාකර, ගාමිණි දිසානායක, චන්ද්‍ර‍සිරි විදානගම, දීනුෂ ජයරුවන්, දමින්ද මෙන්ඩිස්, සුරේඛා නිශානි පෙරේරා යන රංගන ශිල්ප ශිල්පිනියන් රංගනයෙන් දායක වනවා. 
මේ එහි ඡායාරූප එකතුවකි. මෙහි ඡායාරූප හිමිකම SG Media Crew සතුවේ. 


Share this