හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු 7කට වාණිජ මහාධිකරණයෙන් සිතාසි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන මාර්තු 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ වාණිජ මහාධිකරණය අද සිතාසි නිකුත් කළේ ය. ඒ, පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලංගම බස් රථ යොදා ගෙන ඒ සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව ය.

තම බස් රථ වෙනුවෙන් රුපියල් මිලියන 142 ක් අයවිය යුතු බව පවසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසිනි. සිතාසි නිකුත් කළ පිරිස අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු ද වෙති.

Share this