සෝභිත හිමි පැතූ පරිදිම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කළ හැකි සියල්ල කරනවා

- ආදාහන පූජෝත්සවය අමතමින් ජනපති ප්‍රතිඥා දෙයි

මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තු වූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීමට සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකරන බවත් ඒ සඳහා කැපවන බවත් උන්වහන්සේගේ ශ්‍රී දේහය ඉදිරිපිටදී සපථ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12 වැනිදා) සවස බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී පැවසීය.

ෙත්‍රෙනිකායික මහා නාහිමිවරුන් පුමුඛ මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයන්, සිල්මාතාවන්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශීය තානාපතිවරුන් සහ අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පවත්වනු ලැබිණි.

එහිදී වැඩිදුරටත් ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

අපවත්වී වදාළ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳ මුළුමහත් ලක්‌වැසි ජනතාවම අද සංවේගයට පත් වෙනවා.

සෝභිත ස්‌වාමීන් වහන්සේ අප බලාපොරොත්තු නොවූ මොහොතක අපවත් වුණේ. උන්වහන්සේ පසුගිය වසර කිහිපය තුළ වරින් වර රෝගාතුර වුණා. ඒ දැඩි අවිවේකය නිසා.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ව්‍යාපාරය වගේම සෝභිත හිමියන්ගේ ශාසනික හා සමාජ සේවාවන් දේශපාලනයෙන් තොරව සාධාරණ සමාජයක්‌ ඇති කිරීමේ පවිත්‍ර ෙච්තනාවෙන් ක්‍රියාත්මක වූ යහපත් එකක්‌.

විශේෂයෙන් යුද්ධය පැවැති කාලයේත් සිංහල, දෙමළ, මුස්‌ලිම් භේදයකින් තොරව යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සිටි ප්‍රදේශ වෙත ගොස්‌ උන්වහන්සේ විශාල මෙහෙවරක්‌ ඉටුකළහ.

සෝභිත ස්‌වාමීන් වහන්සේ ඉටුකරනු ලැබුවේ මහා යුග මෙහෙවරක්‌. ඒ යුග මෙහෙවරේ ප්‍රමුඛ වූ අවස්‌ථාවක්‌ තමයි පසුගිය ජනවාරි 8 වැනිදාට පෙර මේ රටේ යහපාලනයක්‌ ඇති කිරීමට. සාධාරණ සමාජයක්‌ ඇති කිරීමට උන්වහන්සේ කළ කැපවීම.

අද දේශපාලන පක්‌ෂ දෙකක්‌ එකතුව ජාතික රජයක්‌ යන සංකල්පය තුළ නව රජය කටයුතු කරන්නෙත් ඒ සියලු කටයුතුවලට අඩිතාලම දැම්මෙත් සෝභිත ස්‌වාමීන් වහන්සේ.

උන්වහන්සේ ඒ බලාපොරොත්තු වූයේ සාධාරණ සමාජයක්‌, යහපාලනයක්‌ ප්‍රබුද්ධ වූ මානවවාදී සමාජයක්‌. ඉතා පැහැදිලිවම උන්වහන්සේ තුළ තිබුණා. මේ රටේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌.

මා ජනපති ධුරයට පත්වූයේ උන්වහන්සේගේ සහ ඒ සඳහා කැප වූ නායකයන්ගේත් ජනතාවගේත් මූලික අභිප්‍රාය තුළ. ඒ නිසා සෝභිත හිමිපාණන්ගේ මේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ මා සපථ කරනවා. උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට රටේ යහපාලනයක්‌ ඇති කරන්නත්, ප්‍රජාතනත්ත්‍රවාදී සමාජයක්‌ ගොඩ නගන්නත්, සාධාරණ සමාජ ක්‍රමයක්‌ ඇති කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා මා විසින් කළ යුතු කළහැකි සියලු කැපකිරීම් කරන බව.

උන්වහන්සේ තුළ දැඩි බලාපොරොත්තුවක්‌ තිබුණා. මේ රටේ අද පවතින ජන්ද ක්‍රමයේ වෙනසක්‌ දකින්න. ඒ සඳහා නව රජය ලෙස අප කැපවෙන බව මා සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට සපථ කරනවා.

මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්‌ ලෙස මේ රටේ අනෙකුත් භික්‌ෂූන්ට වඩා වෙනස්‌ ගමනක්‌ සෝභිත හිමියන්ට තිබුණා. ඒ ශාසනික සේවාවෙන් බැහැර වූ සාධාරණ සමාජ ක්‍රමයක්‌ ගොඩ නැගීම, ඉතා නිවැරදි දේ ගරුකරන යහපත් සමාජ සාධාරණත්වයක්‌ ඉටු කරන රාජ්‍ය පාලනයක්‌ ඇති කරන්න.

සෝභිත හිමියන් රෝගාතුර වූ අවස්‌ථාවේ මේ රටේ සියලු පුරවැසියන් ශෝකයට පත්වුණා උන්වහන්සේ පිළිබඳ. උන්වහන්සේට ප්‍රතිකාර ලබාදී නිරෝගී කරන්න අප විසින් කළ යුතු සහ කළ හැකි සියලු දේ කළා.

නමුත් බෞද්ධයන් ලෙස අප දන්නා පරිදි සියලු දේ හි ඇති අනිsත්‍ය බව අනුව අප බලාපොරොත්තු නොවූ පරිදි උන්වහන්සේ අපවත් වුණා. 

ඒත් උන්වහන්සේ බලාපොරොත්තු වූ සමාජ ක්‍රමය බිහි කරන්නට අප සියලු දෙනා කැප වෙන බව මේ මොහොතේ සඳහන් කළ යුතුයි.

Share this