දෝහා ගුවන් අනතුරෙන් රෝහල් ගත වූවන් අතර හෝකන්දර ගුවන් අනතුරෙන් මියගිය ප්‍රධාන නියමු වසන්තගේ බිරිඳත්

හෝකන්දර ප්‍රදේශයට පසුගියදා කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් ගුවන් යානය  මෙහෙයවූ ගුවන් නියමු වසන්ත අබේවර්ධන මහතාගේ බිරිඳ වන නියෝමි අලුත්ගමගේ මහත්මිය ද කටාර් රාජ්‍යයේ දෝහාහි සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබූවන්අතර සිටින බව වාර්තා වනවා.


ශ්‍රී ලන්කන් ගුවන් සේවා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසුණේ මෙම අනතුරෙක් එක් ගුවන් සේවිකාවක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා දෝහා හි රෝහලකට ඇතුළත් කර ඇති බවයි. 


අදාළ ගුවන් කාර්ය මණ්ඩලය ඊයේ දෝහා හි කාන්තාර ප්‍රදේශයක චාරිකාවක නිරතව සිටියදී ඔවුන් ගමන්ගත් වාහනය අනතුරට ලක්වීමෙන් මෙලෙස අයෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බවත් අදාළ පිරිස ගුවන් ගමන අවසානයේ විවේකීව සිටි මොහොතක මෙම සංචාරය ගොස් ඇති බවත් වාර්තා වනවා. 
දෝහා හි රිය අනතුරෙන් මියගිය
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකා අමෙන්ද්‍රා ද කෞව්

මියගිය ගුවන් සේවිකාව රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකාරික වන Ammendra De Kauwe වනවා. මෙලෙස මියගිය ඇය ඇතුළු අනෙක් පිරිස ඊයේ රාත්‍රී දෝහා සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා. තුවාල ලැබූ තවත් අයෙක් වන්නේ මොහාන් වික්‍රමසූරියයි. 
තුවාල ලැබූ මොහාන් වික්‍රමසූරිය මහතා



දෙසැම්බර් පස් වැනිදා හෝකන්දර ප්‍රදේශයේදී අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් යානයේ ප්‍රධාන නියමුවා වූ ස්කොඩ්‍රන් ලීඩර් වසන්ත අබේවර්ධන ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

නියෝමි අලුත්ගමගේ පසුගිය දා හෝකන්දරදී අනතුරට පත් ගුවන් යානයේ ප්‍රධාන නියමු වසන්ත අබේවර්ධන මහතා සමග විවාහ දිවියට පත්වූයේ 2014 ඔක්තෝබර් මස 25 වනදායි. නියෝමි, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියක්ද වනවා. 


රිය අනතුරෙන් මියගිය අමේන්ද්‍රාගේ ඡායාරූප එකතුවක්..





අනතුරෙන් තුවාල ලැබූ මොහාන් වික්‍රමසූරියගේ ඡායාරූප කිහිපයක්






කටාර්හි අනතුරෙන් තුවාල ලැබූ නියෝමි සහ වසන්තගේ ඡායාරූප එකතුවක්.... 












Share this