විජේවීරගේ බිරිඳ ජවිපේ උසාවි ගෙනෙයි

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා විසින් රචිත ග්‍රන්ථ 7ක් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වාලන ලෙස ඉල්ලා කොළඹ වානිජ මහාධිකරණයට නඩුවක් ගොනුකර තිබෙනවා. මෙම කෘති 7 මුද්‍රණය, විකිණීම හා බෙදාහැරීම වළක්වාලමින් ජවිපෙට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රෝහණ විජේවීරගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම නඩුව ගොනුකර ඇති බව වාර්තා වනවා. 

තම ස්වාමිපුරුෂයා වන රෝහණ විජේවීර විසින් රචිත මෙම කෘතිවල අයිතිය තමා සතු බවත්, එය ජවිපෙ විසින් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම තුළින් තම බුද්ධිමය ‍දේපළ අයිතිය උල්ලංඝණය වන බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.

කෙසේවෙතත් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ පැමිණිල්ල විභාග කිරීමට තීරණය කළ අතර ලබන 27 වන දින ජනතා විමුක්ති පෙරමුණට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

Share this