නිලුක්ෂි හපුතලේ ගිහින්

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සුන්දර යුවතියක් තමයි නිලුක්ෂි සුරවීර. නිලුක්ෂි පසුගිය දවසක සිය පවුලේ අයත් සමගින් හපුතලේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙනවා. 

අලුත් අවුරුද්දේ නිලුක්ෂිගේ විස්තර අපි ඇසුවා. ඇය කියා සිටියේ ඇය මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් ටික කලකට ඉවත් වන බවයි. ඒ කුමන හේතුවක් නිසාදැයි විමසූ විට ඇය පැවසුවේ ඇයගේ රැකියාවට උපරිම සාධාරණයක් වන ආකාරයෙන් කරගෙන යාමට මෙසේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වුණා කියලයි. 

ඒ වගේම ඇයගෙන් අප ආදරය සම්බන්ධයෙන්ද විමසා සිටියා... ඇය එය ලබාදුන්නේ ආදරය සුන්දර බවත් ඇයට පණමෙන් ආදරය කරන කෙනෙක් මේ වන විට ඇයගේ ජීවිතයේ සිටින බවත්ය.  ඇය හපුතලේ ප්‍රදේශයේ සංචාරය කරන අතරවාරයේ ලබාගත් ඡායාරූප එකතුවක් මේ.


Share this