Poson Poya

පොසොන් පෝය අදයි

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම ‍කොට සම්බුදු දහම හඳුන්වා දෙමින් ප්‍රෞඪ ශිෂ්ටාචාරයක ආරම්භය සලකුණු කළ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ජුනි 19 දා (අද) අපරභාග 3.31ට පො‍ෙහාය ලබන අතර හෙට (20) අපරභාග 4.32 දක්වා පොහොය පවතී. සිල් සමාදන් වීම අදට (19) යෙදී ඇත.

මහින්දාගමනය, මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම, දෙවන පෑතිස් නිරිඳු ප්‍රධාන පිරිස තෙරුවන් සරණයෙහි පිහිටීම, ලක්දිව ප්‍රථම වරට මහණ උපසම්පදාව සිදු කිරීම හා මෙරට දී කෙනකු ප්‍රථම වරට රහත් බවට පත් වීම (භණ්ඩුක උපාසක තුමා) පොසොන් පුන් පෝදා සිදු වූ සුවිශේෂ සිදුවීම් ය.

Share this