"මම ඒ ගැන බය නැතුව කිව්වේ ජිවිත අවදානමක් අරන්..."
මහින්ද රාජපක්ෂ මහතා පරාජය කොට මෛත්රිපාල සිරිසේන මහතා ජයග්රහණය කිරීමෙන් අනතුරුව මසක් තුළ දී දූෂිත දේශපාලඥයන් අත්අඩංගුවට ගන්නා බවට පොදු අපේක්ෂක පාර්ශ්වය සහතික වූ අතර, එකී පොරොන්දුව දෙනවිට තමන් ද ඔවුන් හා එක්ව සිටි බැවින් ජනතාව ඉදිරියේ දුන් පොරොන්දු ඉටුකිරීම පිණිස දැන් ක්රියාකළ යුතු බව එජාප මන්ත්රී රන්ජන් රාමනායක පවසයි. එමෙන්ම මේ තාක් දුරට සිදු වූ යහපාලනයෙන් තමා තෘප්තිමත් නොවන බවද කියා සිටියි.
එමෙන්ම තමන් පසුගිය දා ෆයිල් රැසක් ද රැගෙන අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයා වෙත ගිය නමුත් ඒ සම්බන්ධයෙන් තමන් තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවත්, පළමුව අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඉන් ඉවත් කළ යුතු බවත් රාමනායක මහතා අවධාරණය කළේ ය.
"අල්ලස්, දූෂණ ගැන කතා කරන්න දැන් අලුතෙන් වීරයෝ හා චණ්ඩි මේ වන කොට බිහිවෙලා. නමුත් මේ දේශපාලඥයන් දූෂිතයි කියලා මම කිව්වේ 2006 සිටයි. මම එය ප්රකාශ කළේ විශාල අවදානමක් අරන්, 1994 ජනාධිපතිවරණය චන්ද්රිකා මැතිනිය ජය අරන් දූෂිතයන් ගෝල්ෆේස් එකට ගෙනත් දඩුවම් කරනවා කීවට ඇයට එය කරන්නට බැරිවුණා.
දැන් මහීපාල පවුල එක්කම රට පැන්නා. චොකා මල්ලි රට පනින්න ඔන්න මෙන්න ඉද්දි අල්ල ගත්තා, මිලියන 500ක් අරන් පැති මාරු කළ බව කී පසුව ජනාධිපතිතුමාගේ අත්සන හොරට ගැසුව තිස්ස අත්තනායක රට පැන්නා.
මම කියන්නේ කළුතර හිටපු ඇමති කෙනෙකුගේ නඩුවක් අස්ථානගත කළ අල්ලස් කොමිසමේ සභාපති ඉන් ඉවත් කළ යුතුයි. ඊට පසුව කී දේ කරමින් දූෂිතයන්ට දඩුවම් කළ යුතුයි. කිසිම ආගමක කියා නැහැ හොරුන්ට මෛත්රී කරන්න කියා... හොරුන්ට මෛත්රී කළොත්, වෙන්නේ උන් තව හොරකම් කරන එකයි..."
යනුවෙන් පවසන රන්ජන් රාමනායක තමන් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවුනහොත් අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවඉදිරිපිටදී තමන් මාරාන්තික උපවාසක් කරන බවද පැවසුවා.