වෝනර්ගේ හයේ පාර උරහිසේ වැදුණත් නොඇඬු පුංචි වීරයා [වීඩියෝ සහිතයි]


ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැති තරගයේදී ඔස්ට්‍රේලියාව ලෝක වාර්තාවක් තැබූ අතර ඩේවිඩ් වෝනර් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 178ක් ලබාගත්තා.

එහෙත් මේ වනවිට ඔස්ට්‍රේලියාවම කතා වන්නේ ඩේවිඩ් වෝනර් ගැනවත්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගැනවත් නොවෙයි. හැමෝම කතා වෙන්නේ එම තරගය නරඹන්න ආපු මේ කුඩා පේ‍්‍රක්ෂකයා ගැනයි. මෙම කුඩා දරුවා වයස අවුරුදු හතරක් පමණ වන ෂොබෝද්දීන් යුනුස්ය.

වෝනර් මෙම තරගයේදී වාර්තා කර දැවැන්ත 6 පහරක් මොහුගේ උරහිසේ වැදුණා. එහෙත්  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවලට අනුව මොහු ලෙදර් පන්දුවක් ඔහුගේ උරහිසේ වැදිලත් එක කඳුලක්වත් හෙලලා නෑ.

මේ සිද්දිය ආරංචි උන හැටියේම  ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් තමන්ගේ අත් ආවරණ මොහුට තෑගි කර තිබෙන අතර වෝනර් තමන්ගේ අත්සනත් සමගම තමන්ගේ අත් ආවරණ මොහුට තෑගි කර තිබෙනවා.

ක‍්‍රිකට් පන්දුවක් වැදුනාම කොච්චර රිදෙනවද කියලා ක‍්‍රිකට් ගහලා තියෙන අය දන්නවා ඇති. මේ පොඩි ළමයට කොච්චර රිදෙන්න ඇත්ද. එහෙත් ඔහු එක් කදුළු බිදුවක්වත් හලලා නෑ.

එහි වීඩියෝව පහතින්....


Share this