පුද්ගලයින් 269ක සහ දෙමළ ඩයස්‌පෝරා සංවිධාන 8ක තහනම ඉවතට

දෙමළ ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන අටක හා පුද්ගලයන් 269 කට පනවා තිබූ තහනම ඉවත් කරමින් රජය මගින් විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබෙනවා.

මෙම සංවිධාන හා පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම වාරණය කරමින් ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබුණේ 2014 මාර්තුවේදීය. එම ගැසට්‌ නිවේදනය මගින් සංවිධාන 16 ක්‌ හා පුද්ගලයන් 424 දෙනෙකුට වාරණයක්‌ පනවා තිබුණා. 

මෙම නව ගැසට්‌ නිවේදනය නිකුත් කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය මගින්. ඒ අනුව දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටේ තහනම නොවැම්බර් 20 වැනිදා සිට ඉවත්වේ. ගෝලීය දෙමළ සංසදය බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය ඔස්‌ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ  සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබෙනවා.

දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානය, එල්.ටී.ටී.ඊ. දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශ සීමා ඉක්‌මවූ දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහන සේවක අරමුදල සහ මූලස්‌ථාන කාර්යාලය යන සංවිධානවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා. 

Share this