පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අපවත් වෙති!

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ නායක කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී අලුයම 3.00ට පමණ අපවත් වූහ. අපවත්වනවිට උන්වහන්සේ 73වන වියෙහි පසුවූහ.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 03 වනදා රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළා. එදින මධ්‍යම රාත්‍රී 12ට පමණ සිංගප්පූරුවෙන් ගෙන්වන ලද විශේෂ ගුවන් යානයකින් සෝභිත ස්වාමීන් වහන්සේ රෝහල්ගත කිරීම සදහා රැගෙන ගියේ විශේෂඥ වෛද්‍යවරයෙකු ද සමගයි.

උන්වහන්සේගේ ප්‍රතිකාර සඳහා එරට විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු කටයුතු කළා. පසුගියදා උන්වහන්සේට හදවත් සැත්කමක්ද සිදු කර තිබුණා.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, සාධාරණ සමාජයක් නිර්මාණය සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සිටියා. උන්වහන්සේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නාලෙස රජයට බල කරමින් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 27වන දිනයි. 

යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීම් කළහ.

පසුගිය ජනාධිපතිවරණට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා ද උන්වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කළ උන්වහන්සේ ස්වාධීන කොමිෂන් සභා කඩිනමින් ස්ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස ද මේ ආණ්ඩුවට ද බල කළහ.

මාදුළුවාවේ සෝභිත හිමිගේ 70 වැනි ඡන්ම දිනය වෙනුවෙන් නිකුත් වූ වීඩියෝවක් පහතින් නරඹන්න. 

Share this