16+ යුකියි, කවියි නොරොක් වෙලාලු

අතුල අධිකාරි හා සමිතා මුදුන්කොටුවගේ දියණිය වූ කාවිනද්‍යා අධිකාරිත්, සන්ෆලවර් නායක නීල් වර්ණකුලසූරියගේ බාල පුතනුවන් වූ වර්ණකුලසූරිය යුකී ඩේව් කෲස් දෙදෙනාද තරමක් නොහොඳ නෝක්කාඩු වී සිටින බව වාර්තා වේ.

සිරස TV නාළිකාව හරහා විකාශනය කෙරුණු 16+ වැඩසටහනෙහි නිවේදක යුවළක් ලෙස කටයුතු කළ මොවුන් දෙදෙනා, අදාළ වැඩසටහන මෙහෙයවූ අකාරය පිළිබඳව අප්‍රසාදය ඵල කරමින් සමාජ ජාල වෙබ් අඩවි තුළ පුවත් මැවුණා. එපමණක් නොව, මොවුන් පෙම්වතුන් බවට ද පසුගිය කාලයේ දී අන්තර් ජාලය හරහා නොයෙක් පුවත් පැතිර ගියා. නමුත්, යුකී මෙන්ම කවිනද්‍යා ද ඒ කතා සාවධ්‍ය බව පැවසූහ. කෙසේවුව ද යුකී වරක් පුවත් පතකට පවසා තිබුණේ ''කවී හරියට මට මගේ නංගි කෙනෙක් වගේ...'' බවයි.

එමෙන්ම මේ දිනවල අධිකාරි පුවල්ට තරමක් නරක කාලයක් උදා වී ඇති බව මාධ්‍යවාර්තා වලින් ඔප්පු වී තිබේ. ඒ අතුල අධිකාරී තමන්ව සහ දියණියව හැර ගිය බව මෝස්තර නිරූපිකාවක් වන අමායා අධිකාරී සති අන්ත පුවත්පතකට පවසා තිබිණි.

කෙසේවුවද අතුල ගුවන්විදුලි නාලිකාවකට පවසා තිබුණේ අමායා අධිකාරී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැනට කිසිදු පිළිතුරක් ලබා නොදෙන බවයි.









Source - egossip.lk

Share this