ඇවන්ට්ගාඩ් ගැන සාකච්ඡාවට සඳුදා විශේෂ කැබිනට් හමුවක්

ඇවන්ගාඞ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වන බව මෛත‍්‍රිපාල සිරිසේන ජනපති ලග්ගලදී පැවසීය.

පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී මේ ගැන විවිධ අදහස් පළවූ බවද ජනපති කීවේය.

පොලිසිය බාර ඇමැති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පැවසූයේ එම සිද්ධිය පොලිසිය ලකුණු දා ගැනීමට කළ වැඩක් බවයි. නඩු පැවරීමට තරම් කරුණු නැතැයි ඔහු කීවේය. ඇමැති චම්පික රණවක මහතා පැවසූයේ පොලිස් පරීක්ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවත් මේ සිද්ධිය රජයේ පැවැත්ම ගැන සාධකයක් විය හැකි බවත්ය.

අමාත්‍ය මණ්ඩල ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසූයේ එම විශේෂ කැබිනට් රැස්වීම ලබන සඳුදා පැවැත්වීමට ජනපති එකඟවූ බවයි.මේ අනුව ලබන 09 වැනිදාට එම රැස්වීම නියම කරගත් බවද ඔහු කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධව පසුගිය  05 දා දින පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී උණුසුම් තත්ත්වයක්‌ මතු වූ බවත් එබැවින් මේ පිළිබඳව සවිස්‌තරාත්මක ලෙස සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් මෙම විශේෂ කැබිනට්‌ හමුව පවත්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

Share this