හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස 22 වන සැමරුම අදයි

දිවංගත හිටපු ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ 22වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. මෙරට හිටපු දෙවන විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා 1993 වසරේ මැයි පලමු වනදා එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට සහභාගීව සිටියදී කොළඹ අළුත්කඩේ ප‍්‍රදේශයේදී එල්ල වූ එල් ටී ටී ඊ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් මරණයට පත්වුණා. 

1924 වසරේ ජූනි 23 වනදා උපත ලද ඒ මහතා මිය යන විට 69 වන වියේ පසුවුණා. ඔහු ජන සවිය සහ ගම්උදාව ව්‍යාපෘති හරහා මෙරට ජනතාවට ඉටු කල සේවය පිළිබදව අදටත් ජනතාව තුල පවතින්නේ විශාල ගෞරවයක්. අද අළුත්කඩේ පිහිටි රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ස්මාරකය ඉදිරිපිටදී මෙම ගුණසමරු උත්සවය පැවැත්වීමට නියමිතයි.

Share this