හික්කඩුව නගර සභාවේ විපක්‍ෂ මන්ත්‍රීවරුන් අපූරු විරෝධතාවක

හික්කඩුව නගර සභාවේ විපක්‍ෂ මන්ත්‍රීවරුන් අද අපූරු විරෝධතාවක නිරත වුණා. ඔවුන් අත්ට්‍රැක්ටරයක් ගිලන් රථයක් සේ සකස් කර එහි රෝගියෙකුද නංවාගෙන නගර සභා භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වී තිබෙනවා. 

ඒ, හික්කඩුව නගර සභාව සදහා නෙදර්ලන්ත ආධාර යටතේ ලැබුණු ගිලන් රථයක් හික්කඩුව නගර සභාවේ සභාපතිවරයා සිය පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවට චෝදනා කරමින්. 

විපක්‍ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ ගිලන් රථයේ අසුන් ගලවා සභාපතිවරයා ඔහුට අවශ්‍ය පරිදි එය සකස් කර ගෙන ඇති බවයි. කෙසේවෙතත් හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා.



















Share this