සංගාට ඉන්දියාවෙන් සම්මානයක්

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සියැට් වසරේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබෙනවා. ඉන්දියාවේ මුම්බායිහීදී (25දා) රාත්‍රියේදී මෙම සම්මාන උලෙළ පැවැත්වුණා.

සංගක්කාරට මෙම සම්මානය හිමි වී ඇත්තේ 2014/2015 වර්ෂයේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනි. එහිදී ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්ස යන අංශ තුනෙහිම ඔහු විසින් දැක්වූ දක්ෂතා මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

සංගක්කාරට මෙම සම්මානය හිමිවූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ සනත් ජයසූරිය (1997-98) , මුත්තයියා මුරලිදරන් (2000-01 , 2001-02 , 2006-07) මෙහි වසරේ ක්‍රීඩකයා සම්මානය හිමි කර ගත්තා.

මේ අතර මෙහිදී වසරේ පන්දු යවන්නා සම්මානය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රංගන හේරත්ට හිමි වී ඇත. ලොව ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන සියැට් (CEAT) සමාගම විසින් මෙය සංවිධානය කරනු ලබන අතර මෙහිදී අන්තර්ජාතික හා ඉන්දියානු ක්‍රීඩකයන් යන අංශ දෙකෙහි ක්‍රීඩකයන් සඳහා සම්මාන පිරිනැමුනා.

International Lifetime Achievement Award: Kapil Dev

International Cricketer of the Year: Kumar Sangakkara

Indian Cricketer of the Year: Ajinkya Rahane

International Batsman of the Year: Hashim Amla

International Bowler of the Year: Rangana Herath

T20 Player of the Year: Dwayne Bravo

Popular Choice Award: Kieron Pollard

Special Award: Rohit Sharma

Domestic Cricketer of the Year: R Vinay Kumar

Young Player of the Year: Deepak Hooda.


Share this