පාසලක උත්සවයකට බලෙන් ඇතුළු වී ගිතා නටපු නැටිල්ල [Video සහිතයි]

ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටවී ගියාය.ඒ වන විට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් සිටියේය.

ගීතා කුමාරසිංහ මහත්මිය කතා කරමින් මෙසේ කීවාය.
‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප‍්‍රතිපාදන ලබා ගත්තා. එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ. මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ.”‍

ගීතා සිය කතාව අවසන් කර සිය බෑගය ද රැගෙන කඩිනමින් බැහැරව ගියාය.

ඇමැති කරුණාතිලක මහතා ඇගේ කතාවට සවන් දී කිසිත් නොකියා සිටියේය. ඔහු කීවේ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බවයි.

Share this