සුජීව මට බැන්නා - මාලනී - මාලනී මට බැන්නා - සුජීව

පාර්ලිමේන්තුවේදී සූජීව සේනසිංහ අසභ්‍ය වචනයෙන් බැන්නයි මාලනී ෆොන්සේකා හඬමින් කියයි

තෝ වරෙන් එළියට බූරුවා කියලා මාලනී මට බැන්නා... සූජීව කියයි


අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ‍සූජීව සේනසිංහ මහතා විසින් තමාට පාර්ලිමේන්තුව තුළදී බැණ වැදුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මයා පවසනවා. ඒ මහතා තමාට බැණ වැදුණේ පෞද්ගලික කාරණා හුවා දක්වමින් බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ කියා සිටියා. 
පෞද්ගලිකත්වය සැමට වැදගත් බවත්, තමා කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේදී බැණවැදී නැති බවත් ඇය එම අවස්ථාවේදී පවසන ලදී. අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස එසේ හැසිරීම සදාචාරාත්මක නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මිය එහිදී වැඩිදුරටත් කියා සිටියා.





එම චෝදනා සහ අපහාස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අධිකරණ සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා විසින් කරන ලද පැහැදිළි කිරීම් ඇතුළත් වීඩියෝව පහතින් බලන්න.


Share this